• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට – ජනපති

23 January 2021
in දේශීය

ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය 27 බදාදා දිවයිනට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවුසවේ අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමිනි.

ජනතා ප්‍රශ්න විමර්ශනයට පෙර රැස්ව සිටී පිරිස ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා වර්තමානයේ සමාජයේ කතා බහට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳව රජයේ ස්ථාවරය සාධක සහිතව පැහැදිළි කළේය.

කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තය පිළිබඳව සිදුවන කතිකාව ගැන අවධානය යොමු කළ හෙතෙම පසුගිය රජය නැගෙනහිර පර්යන්තය විෂයය කොට ගෙන ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි පෙන්වා දුන්නේය.

රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබා ඇති ගිවිසුමක් අත්තනෝමතිකව අහෝසි කිරීමට නොපිළිවන. පසුගිය රජය පිළිගෙන තිබූ MCC ගිවිසුම සම්බන්ධ සිය රජයේ පිළිවෙත අමරිකානු රජයට පැහැදිලි කර දෙනු ලැබීය. ගිවිසුම්වලට එළඹීමේ දී රටේ ස්වෛරීභාවයට හානිවන අයුරින් කිසිදු සම්පතක් වෙනත් රටකට නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ කළ පළමු චාරිකාවේ දී නැගෙනහිර පර්යන්ත ගිවිසුම ගැන මෝදි අග්‍රාමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිළි කර දුන් බව ජනාධිපතිවරයා කීය.

නැගෙනහිර පර්යන්තය යනු කුමක්ද සහ එහි කාර්ය භාරය කවරේද යන්න විස්තර කළ ජනාධිපතිවරයා නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය ප්‍රති අපනයන ක්‍රියාවලිය බව පෙන්වා දුන්නේය.

ප්‍රතිඅපනයන 66%කටම දායක වන්නේ ඉන්දියාවයි. එබැවින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික කාර්යය අවබෝධ කොටගෙන ඉදිරි පියවර සැලසුම් කළයුතුය.

 

Post Views: 4
Previous Post

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න

Next Post

ස්වශක්තියෙන් නැගී සිටීමට මහන මැෂින් බෙදා දෙයි – කොළඹ නගරාධිපතිනිය

editor

editor

Next Post

ස්වශක්තියෙන් නැගී සිටීමට මහන මැෂින් බෙදා දෙයි - කොළඹ නගරාධිපතිනිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved