• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිනා ගත් නිදහස නැති කරන්න පුළුවන් මාධ්‍යයටයි – අගමැති

29 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව සටන් කර දිනා ගත් මාධ්‍ය නිදහස නැති කිරීමට හැකි වන්නේ මාධ්‍යයටම පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබද කොළඹ ප්‍රකාශයේ 20 වන සංවත්සරයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නිවාස ඉදි කිරීම, සිසු රක්ෂණාවරණය, මාර්ග ඉදි කිරීම, සෞඛ්‍යය සේවා ආදී ක්ෂේත්‍රයන් තුළ අප විසින් සිදු කරන සංවර්ධන කටයුතු කිසිවක් පිළිබඳ මාධ්‍ය මගින් සදහන්නේ නැති බවයි. එම වැඩපිළිවෙල තුළ යම් කිසි අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන් නමුත් පසුගිය පාලන කාලයට වඩා ඵලදායී ලෙස අප කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

නමුත් වාර්තා කරන්නේ අඩු පාඩු පිළිබඳව පමණක් බවත් ඒ නිසා මේ සිදු වන දේ පිළිබඳව අප ද ප්‍රශ්ණ කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

රජයක් ලෙස පාර්ලිමේන්තුව ඇතුලූ අප සියලූ දෙනා කැපවී සිටින්නේ ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට බවත් අප මේ ගමන ඉදිරියට යා යුතුයි. ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ මෙන්ම මේ තත්වයට පත් වූ අය ගැන කවුද කතා කරන්නේ? මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්ණ කර සිටි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “වසර 1998 දී ප්‍රකාශයට පත් කළ මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබද කොළඹප්‍රකාශනය මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදීන් නොවන බොහෝ දෙනෙක් විසින් පිළිගත් ප්‍රකාශනයක්. ඒ සදහා අප සටන් කළා. දුක් වින්දා, එසේම ජීවිත ගණනාවක් නැති වුණා. මෙම සටනේදී පාරට බැසීමට සිදුවූයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන වලටයි. ඔවුන් විදි දුක කොපමණදැයි මා පැවසිය යුතු නැහැ. අදටත් මේ සම්බන්ධව දුක් විදින ජනතාව සිටිනවා. අප ඒ ගැන සිතිය යුතුයි. අවසාන වශයෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රධාන නීති සම්මත කර ගැනීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.
මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වන්නේ මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවා නම් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ නම් මාධ්‍ය නිදහස තහවුරු වනවා. අපි සොපරාධි අපරාධ නීතියෙ 2002 වසරේදී අහෝසි කළා. අප 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ නව රජයක් පිහිටුවා ඒ තුලින් මාධ්‍ය නිදහස සදහා තවත් ඉදිරි පියවර කිහිපයක් ගත්තා. සෘජුවම සදහන් කරනවා නම් මේ සඳහා බලපානු ලැබුවේ තොරතුරු දැන ගැනීමේ නීතියයි. එහිදී අප ගත් පියවර වූයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. මාධ්‍ය නිදහස තනිවම ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙහිදී අප ප්‍රථමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය යලි තහවුරු කරනු ලැබුවා.
සිවිල් සමාජය සහ පාර්ලිමේන්තුව එක්ව සම්මත කර ගනු ලැබූ 19 වන සංශෝධනය තුලින් ස්වාධීන කොමිසන් ගණනාවක් පිහිටුවනු ලැබුවා. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන විගණකාධිකාරි කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම ආදිය මීට ඇතුළත් වනවා. මානව හිමිකම් කොමිසම ද අප ඒ මට්ටමට ගෙන එනු ලැබුවා. එම කොමිසම් ඔස්සේ අද වන විට මාධ්‍ය නිදහස තහවුරු වී තිබෙනවා. මාධ්‍ය නිදහසට බලපාන සියලූ නීති සෑම රටකම නැහැ. සමහර නීති මාධ්‍ය නිදහසට පටහැනි විය හැකියි. ඒත් එම සියලූ රටවල ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා.
එක්සත් රාජධානිය දෙස බැලීමේදී 1970 – 1990 දක්වා කාලවකවානුවේදී මාධ්‍ය නිදහසට පටහැනි නීති තිබුණා. පහල මන්ත්‍රී මණ්ඩලයේ නිලධාරීන්ට පුවත්පත් තහනම් කිරීමට හැකි වුණා. ඔවුන්ට ප්‍රසිද්ධ රඟපෑම් ගැන තීරණයක් ගැනීමට අවස්ථාව ලැබුණා.
කෙසේ හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නීති තවදුරටත්, ශක්තිමත් කිරීම අප කළ යුතුයි. අද අප ප්‍රජාතන්තවාදී මාවතකට පිවිස සිටිනවා. ස්වාධීන මැතිවරණ කොමිසම විසින් මැතිවරණ වෙනුවෙන් ක්‍රියා කරනවා. සියලූ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුලදී කතා කරනවා.
විශේෂයෙන් පසුගිය සතියේදී මේ රටේ පළාත් සභා ජන්දය පැවැත්වීම ගැන හා ඊට අවශ්‍ය සංශෝධන පිළිබඳව අප සාකච්ජා කරනු ලැබුවා. එමෙන්ම අපි ව්‍යවස්ථාව පිළිබඳව විශේෂඥයන්ගේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. එය අප විසින් නොව විශේෂඥයන් විසින් සකස් කරනු ලබනවා. ඒ නිසා ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරනවා යැයි පවසන්න එපා. එම විශේෂඥයින්ගේ අදහස් වලට අප සියලූ පාර්ශවයන්ට එකඟ වීමට හැකිනම් ඒ පිළිබදව ඉදිරියට යා හැකියි.
මේ තුළින් අප අවස්ථාවක් ලබා ගන්නවාසේම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. එහිදී අපේ අඩුපාඩුකම් පෙන්වා දෙන්න. එය අත්‍යවශ්‍යයි. මෙහිදී අප විසින් ඉටුකර ඇති වැඩකටයුතු ජනතාවට පෙන්වා දෙන්නේ නැත්තේ ඇයි දැයි මා විමසන්න කැමතියි. නිවාස ඉදි කිරීම, සිසු රක්ෂණාවරණය, මාර්ග ඉදි කිරීම, සෞඛ්‍යය සේවා ආදී ක්ෂේත්‍රයන් තුළ අප විසින් සිදු කරන සංවර්ධන කටයුතු කිසිවක් පිළිබඳ මාධ්‍ය මගින් සදහන් වන්නේ නැහැ. මේ තුළ යම් කිසි අඩුපාඩුකම් තිබෙන්නට පුළුවන්. නමුත් පසුගිය පාලන කාලයට වඩා ඵලදායී ලෙස අප කටයුතු කරනවා. නමුත් වාර්තා කරන්නේ අඩු පාඩු පිළිබඳව පමණයි. ඒ නිසා මේ සිදු වන දේ පිළිබඳව අප ද ප්‍රශ්ණ කළ යුතුයි.
රජයක් ලෙස පාර්ලිමේන්තුව ඇතුලූ අප සියලූ දෙනා කැපවී සිටින්නේ ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටයි. අප මේ ගමන ඉදිරියට යා යුතුයි. ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ මෙන්ම මේ තත්වයට පත් වූ අය ගැන කවුද කතා කරන්නේ? පසුගිය අවුරුදු දෙක තුළ අප දේශපාලනය පිළිබඳ සිදු කරන කතා හැරුණු කොට ඉහත සිද්ධීන් පිළිබද පුවත්පත් කීයක කී වරක් සදහන් කර තිබුණාදැයි සොයා බලන්න. එම මිණුම් දණ්ඩ ඔස්සේ වැඩකටයුතු කරන ලෙස මා පවසන්න කැමතියි. ජනතාව සටන් කර දිනා ගත් මාධ්‍ය නිදහස නැති කිරීමට හැකි වන්නේ මාධ්‍යයටම පමණක් බව විශේෂයෙන් මා සදහන් කරනවා.

 

Post Views: 4
Previous Post

යුද්ධයට බයේ හැංගුණේ නෑ – හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා කියයි

Next Post

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් – නියෝජ්‍ය ඇමැති නලින් කියයි

editor

editor

Next Post

ගෝඨාගේ ආරක්ෂාව දවසකට ලක්ෂ 35 ක් - නියෝජ්‍ය ඇමැති නලින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved