• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති කියයි

26 July 2021
in දේශීය

ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන මේ වන විට 77%ක් පමණ අවසන්කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට ඇති අතර අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබෙන බව හෙතෙම පැවසිය.

එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත අතර ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ත් මෙම තත්ත්වය අවුරුදු 24ක් තිස්සේ පැවැති තත්ත්වයක් බව ත් පැවසූ අමාත්‍යවරයා තම රජය මේ ගැටලුව සම්බන්ධ ව සංවේදී ව සිටි බවත් පැවසී ය.

Post Views: 10
Previous Post

සාධාරණය සොයා කෘතිය අගමැතිට පිළිගන්වයි

Next Post

කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා – ජනපති

editor

editor

Next Post

කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved