• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා – ජනපති

27 July 2021
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ (26) ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ මූලිකත්වයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයෝ සහභාගී වෙති.

2030 වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල ඇති බලපෑම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කෙරේ. තරුණ පිරිස්, ගොවීහු, ආදි වාසීහු, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ, පර්යේෂකයෝ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ නව ප්‍රවේශයක් සහිතව සමුළුවට එක්ව සිටිති.

ආහාර සඳහා ඇති අයිතිය, මූලික මිනිස් අයිතියකි. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයන් තනිව ක්‍රියා කළ ද ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වසර දහස් ගණනක් පුරා දිවෙන, පුරාණ දියුණු වාරි ශිෂ්ටාචාරයක් සමග ගැඹුරින් බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුය. එබැවින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය මෙරටට අලුත් දෙයක් නොවේ. නව විද්‍යාත්මක දියුණුව හා කළමනාකරණ ක්‍රමවේදයන් සමග මෙරටට හිමි ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනයට උත්සාහ ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටී.

ආහාර පද්ධතිය පරිවර්තනය කිරීම, මානව වර්ගයාගේ සහ පෘථිවියේ පැවැත්ම සඳහා රජයන් කළ යුතු අනුවර්තනවල අත්‍යාවශ්‍ය අංගයකි. ගැඹුරින් අන්තර් සම්බන්ධිත වූ එක් ලෝකයක් අප සැවෝම බෙදා හදා ගනිමින් පවතින බව කොවිඩි – 19 වසංගතය මගින් අවබෝධ කර දී තිබේ.

මානව වර්ගයා සාමාජයීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් විවිධ වුවත් මුහුණ දෙන අභියෝග සියල්ලම විශ්වීයය. මෙම අභියෝගයන්ට තනිව මුහුණ දිය නොහැකි බවත්, ඒවා ජය ගැනීමට නම් සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපතිවරයා සමුළුව අමතමින් පෙන්වා දුන්නේය.

Post Views: 9
Previous Post

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති කියයි

Next Post

Vivo V ශ්‍රේණි පිළිබඳව ගැන විශේෂඥයින්ගෙන් හෙළි කිරීමක්

editor

editor

Next Post

Vivo V ශ්‍රේණි පිළිබඳව ගැන විශේෂඥයින්ගෙන් හෙළි කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved