• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුද්ගලික ආයෝජන එක්රැස් කිරීම පිළිබඳ පොදු කතිකාවත වැදගත් – අගමැති 

12 September 2018
in ව්‍යාපාර

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම’ මැයෙන්   ඊයේ (11) පැවති පූර්ව සැසියේ දී අදහස් දක්වමින්. 

රාජ්‍ය – පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පණත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන  බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

සැසිය ආරම්භ කරමින් අදහස් දැක්වූ ලෝක අර්ථික සමුළු කළමණාකරන මණ්ඩලයේ සභාපති බොර්ග් බ්‍රෙන්ඩේ මහතා පැවසූයේ ඉදිරි වසර 15 පිළිබඳ කර ඇති පුරෝකථනයන්ට අනුව ආසියානු කලාපීය සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අංශයන්ට පමණක් දැරීමට කිසිසේත්ම හැකියාවක් නැති බවය. ඒ නිසා පුද්ගලික අංශයේ මූල ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගැනීමේ උපාය මාර්ග හා ක්‍රමවේද කඩිනමින්ම සැකසිය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් පසුව පැවති සාකච්ඡා මණ්ඩපයේ දී ඉන්දුනීසියාවේ සාගර කටයුතු සම්බන්ධීකරන අමාත්‍ය ලූහුට් බින්සර් පන්ජෙයිටාන්, ආසියානු සංවර්ධන බැංකුවේ නැගෙනහිර ආසියා, අග්නිදිග ආසියා හා ශාන්තිකර කලාපීය උප සභාපති ස්ටීවන් පී ග්‍රොෆ්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපතිනි නිනා ස්ටෝඉල්ජ්කොවික්, විනා කැපිටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෙදාන් ලැම් හා ක්‍රෙඩිට් සුයිස් ආයතනයේ ආසියා ශාන්තිකර උප සභාපති ජෝසේ ඉසිද්රෝ කැමචෝ යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

තම රටවල් හා ආයතන පුද්ගලික මුල්‍ය ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත් ආකාරය හා ඊට එල්ල වුණු අභියෝගයන් සම්බන්ධයෙන්  ඔවුහු කරුණු හා සිය අත්දැකීම් පැහැදිලි කළහ.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ජපානයේ එම්යූඑෆ්ජී බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝෆර් මාක්ස් විසිනි.

 

Post Views: 16
Previous Post

ජනපති අගමැති එක්වීම රටට හොඳක් – ඇමැති දුමින්ද කියයි 

Next Post

ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද  – ඇමැති කිරිඇල්ල 

editor

editor

Next Post

ආණ්ඩුව දාල ගිය අය දැන් බලය ඉල්ලන්නේ මොන සැලසුමකින්ද  - ඇමැති කිරිඇල්ල 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved