• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ගත්තේ ටයිකාරියින්ට හොරකම් කරන්න නෙමෙයි

6 August 2018
in දේශීය

මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව ආසනයේ ගමේපෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග නිරීක්ෂණය කිරීමට එක් වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” පසුගිය සති අන්තයේදී ආරංචියක් ආවා.මාධ්‍ය මගින් හෙළිදරව්වක් කරලා තිබුනා.මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සමාජිකයෙක් තමන් අධ්‍යක්ෂක ධූර දරණ තවත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණයක් අරගෙන තියෙනවා කියලා. මේක ලංකා ඉතිහාසයේ දුන්න ලොකුම ණයක්. මෙතන ලබැදියාවන් අතර ගැටුමක් තියෙනවා.ඔය වගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙමෙයි අපි ආණ්ඩු පත් කර ගත්තේ. සමහර ටයි කෝට් දාගත්ත,ඉංග්‍රිසි කතා කරන නිලධාරීන් හිතාගෙන ඉන්නවා.මේ උන් හදාපු ආණ්ඩුවක් උන්ට හොරකම් කරන්න ලැබිච්ච අවස්ථාවක් කියලා.අපි ගම්බිම් මට්ටමේ දාඩිය දාගෙන,මිනිස්සුත් එක්ක ඇවිදලා , වෙඩි ප්‍රහාරවලට මුහුණ දීලා , කැප කිරීම් කරලා මේ ආණ්ඩුව පත් කරගත්තේ , එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්න නෙමෙයි. මේ බිලියන 10 ගැන පරීක්ෂණ කරලා.‍ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරන්න ඕනේ කියලා අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ හඩ නගනවා. ආණ්ඩුව ආවට පස්සේ එක එක මන්දිරවල ලැග ගත්ත අය මේ කරන වැඩ නිසා අන්තිමේදී සම්පූර්ණයෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයා තමයි මේ චෝදනාවට ලක් වෙන්නේ. ගිය ආණ්ඩුව කාලේ හොර නිලධාරීන්ට විරුද්ධ වුනා වගේම.අපේ ආණ්ඩුව කාලෙත් මේ ඉන්න නායකයෝ පස්සේ යන හොරකම් කරන එවුන්ට අවස්ථාව දෙන්න බෑ. මේ වැඩ නිසා ආණ්ඩුව නැති වෙන්නේ ගමේ ඉන්න යූන්පී කාරයාට. අපි බලාපොරොත්තු වෙනවා නායකයෝ ඉක්මනින් මේ ගැන තීරණ ගනී කියලා. ” යැයිි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

ඡන්දේ කල් දාන කුමන්ත්‍රණයක් – ඇමැති හකීම්

Next Post

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

editor

editor

Next Post

ඉන්දුනීසියා භූ චලනයෙන් 82ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved