27 April 2024
#දේශීය

නන්දලාල්ව එලවන්න ආණ්ඩුවට උවමනාවක් නෑ- ඇමැති ප්‍රසන්න

වර්තමාන මහ බැංකු අධිපතිවරයා තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයට කිසිම බලාපොරොත්තුවක් හෝ උවමනාවක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වර්තමාන මහබැංකු අධිපතිවරයා එළවන්න ආණ්ඩු පක්ෂයට කිසිම බළාපොරොත්තුවක් නොමැති බවත් එතුමා පත්කළේ හිටපු ජනාධිපතිවරයා බවත් වර්තමාන ජනාධිපතිවරයා ඔහුගේ කාලය දිගු කර ඇති අතර මහබැංකු අධිපතිවරයා තනතුරින් ඉවත්කරන්න ආණ්ඩුපක්ෂය උත්සාහ ගන්නා බව විපක්ෂය උළුප්පලා පෙන්වන්න හදන නමුත් විපක්ෂයට එහෙම උවමනාවක් තියෙනවද කියන්න තමා නොදන්නවා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *