27 April 2024
#දේශීය

ආණ්ඩුව මිත්‍යාව ඔස්සේ ජනතාව රවට්ටනවා – උලපනේ සුමංගල හිමි

ආණ්ඩුව විසින් මේ වන විට මිත්‍යාව ඔස්සේ කොරෝනා වසංගතය යටපත් කරමින් ජනතාව රවට්ටන බව උලපේන සුමංගල හිමියන් පවසයි.

උන්වහන්සේ අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ලෝකයේ අනෙකුත් රටවල කොරෝනා වෛසරයට සාර්ථකව මුහුණ දෙමින් එන්නත් සෙවීමට කටයුතු කරන නමුත් අපේ රටේ විවිධ මිත්‍ය ඔස්සේ ගමන් කරන බවයි. විටෙක මුට්ටි ගඟට දැමීමත් විවිධ පැණි නිෂ්පාදනය කිරීමටත් සිදු කරමින් රජය විසින් වගකීම් වලින් බැහැරව කටයුතු කරන බවයි.

රජයක් වශයෙන් කොරෝනා වෛසරයට නිසි වැඩපිළිවෙලක් සකස් නොකර සිටිම තුළින් ජනතාව තවදුරටත් මුලා කරමින් කටයුතු කිරීමත් සිදු කරන බව උන්වහන්සේ පැවසිය.

ආණ්ඩුව විසින් මේ අවස්ථාවේදී අවිධිමත් ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ජනතාවගේ ජිවිත විශාල සංඛ්‍යාවක් බිළිගෙන අවසන් බව උන්වහන්ගේ අවධාරණය කළේ.

ආණ්ඩුව විසින් තමන්ගේ හිතමිතුරු මාධ්‍ය හරහා ජනතාව මුලා කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ විසින් චෝදනා කර සිටියේය. එසේම උන්වහන්සේ කියා සිටියේ ආණ්ඩුව විසින් මෙම අවස්ථාවේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *