27 April 2024
#දේශීය

ආණ්ඩුව රකිනවා…. ඉවත් වෙන්න කිසිම තීන්දුවක් ගෙන නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හදන්න මහන්සි වුණා වගේම ආණ්ඩුව රකින්නත්, ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය සහ ඒ වෙනස කරන්නත් දායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, මහවිලච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ආණ්ඩුව ව්වේචනය කරනවා කියලා කියන්නේ මේ ආණ්ඩුවත් එක්ක ඉන්න සියලුම සන්ධාන පක්ෂ වලට තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා, ඒ අයිතිය අනුව පක්ෂයක් ලෙස අපිට තියෙන මතයන් අපි ඉදිරිපත් කරනවා.ඒ වගේම අපි පහුගිය කාළයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත් මේ වගේම යෝජනාවලියක් භාර දුන්නා, යෝජනා 15 ක්, ඒ අනුව හෙට (08) අපිට අතිගරු ජනාධිපතිතුමන් වෙලාව ලබා දීලා තියෙනවා මේ යෝජනා පිළිබඳව සාකච්ජා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හදන්න මහන්සි වුණා වගේම ආණ්ඩුව රකින්නත්, ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය සහ ඒ වෙනස කරන්නත් අපි අපේ දායකත්වය ලබා දෙනවා.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අපි කිසිම තීන්දුවක් අරගෙන නෑ, අපි හෙට (08) වෙලාවක් දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ රටේ තියන වර්ථමාන තත්වය පිළිබඳව අපිට සාකච්ජා කරන්න.අපි හැමෝම දන්නවා වර්ථමාන තත්වය පිළිබඳව ගත්තාම අපි හැමෝම එකතු වෙලා මේකට විසඳුමක් හෙව්වේ නැත්නම් , ඕන කෙනෙක්ට මේකට අඩුපාඩුකම් කියන්න පුලුවන්, හිනා වෙන්න පුලුවන්, ෆේල් කියන්න පුලුවන්, පාස් කියන්න පුලුවන්, ඒක නෙමෙයි හැබැයි අද රටට අවශ්‍යය වෙන්නේ.අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ තියෙන ආර්ථික අර්බුධයෙන් කොහොමද අපි ජනතාව ආරක්ෂා කර ගන්නේ ඒ වගේම රට ඇතුලේ තියෙන බඩු හිඟයක් වෙන්න පුලුවන්, තෙල් හිඟයක් වෙන්න පුලුවන්, විදුලි හිඟයක් වෙන්න පුලුවන් මේවට අපි ඔක්කොම එකතු වෙලා කොහොමද උත්තරයක් හොයන්නේ කියන කාළයක් මිසක්, මේක මේ ආණ්ඩු හදනවාද? ආණ්ඩුවත් එක්ක ඉන්නවාද? කඩාගෙන යනවාද ? කියලා කථා කරන වෙලාවක් නෙමෙයි.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ටිකට කෙටි කාළීන විසඳුම් ටිකක් හොයන්නේ කොහොමද කියන කාරණාව.

මේක මැතිවරණයක් පිළිබඳව කථා කරන්න වෙලාවක් නෙමෙයි, පාර්ලිමේන්තු මැතිවරණයකට තව අවුරුදු 03 ක් තියෙනවා.ජනාධිපතිවරණයටත් අවුරුදු 03 ක් විතර තියෙනවා.ලඟම එන්න තියෙන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය.ඒ නිසා ආණ්ඩු පෙරලියක්ද? එහෙම නැත්නම් ජනාධිපතිවරයා කවුද කියලා කථා කරන වෙලාවක් නෙමෙයි මේක.මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්න ටිකෙන් ගොඩ ගියේ නැත්නම් අපි කාටවත් ආණ්ඩු කරනන් හම්බෙන්නේ නෑ.ඒ නිසා දැන් අපිට අවශ්‍යය කරන්නේ පක්ෂ පාට වලට බෙදෙන එක නෙමෙයි රටේ තියෙන ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ටිකක් හොයලා ඒකට කොහොමද කොටස්කාරයෙක් පංගුකාරයෙක් වෙන්නේ කියන කාරණය තමයි මේ දවස් වල අපි කල්පනා කරන්නේ යැයි පැවසීය.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *