27 April 2024
#දේශීය

ආනයන සීමා ලිහිල් කිරීමේදී කළමනාකරණයකින් සිදු කල යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(11) පෙරවරුවේ දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බව හෙතෙම පැවසිය.

එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *