• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ ‘අස්වැසුමත්’ ඇස්වැසුමක් වෙලා – විපක්ෂනායක සජිත්

25 June 2023
in දේශීය

රජය පටන් ගත් අස්වැසුම වැඩසටහන ගැන පාර්ලිමේන්තුවේ දිර්ඝ විවාදයක් කළ බවත් ජනතාව පවා එම වැඩසටහන හොද එකක් කියා රැවටුනත් එහි වැරදි අඩුපාඩු රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (25) වීරවිල කිරිදිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නායකයින් හමු වූ අවස්ථාවේදී ය.

බංකොලොත් රට ගෝඨාභයගෙන් රනිල් වික්‍රමසිංහ බාර ගෙන මුලින්ම සිදු කළ යුතු දේ ඔහු ඉටු කළේ නැති බවත් ඔහුගේ පළමු කාර්ය විය යුත්තේ රටේ විපතට පත් ජනතාව නිවැරදිව හදුනා ගැනීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අදටත් මේ රටේ වර්තමාන නිල දරිද්‍රතා රේඛාව හරිහැටි හදුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව නොකලපු දේ මත විමසුම් කරන ලර්න් ඒෂියා ආයතනය විසින් සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ගෘහයක ආදායම් වියදම් සමික්ෂණය නොකර දරිද්‍රතා රේඛාව නිශ්චිතව තෝරන්නේ නැතිව අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් තේරීම ප්‍රශ්නකාරී බවත් ලර්න් ඒෂියා ආයතනයේ සංගනයනය අනුව මෙරට සිටි ලක්ෂ 30ක් වූ දුප්පත් ජනතාව ලක්ෂ 70 දක්වා ලක්ෂ 40කින් වැඩි වී ඇති බවත් සියයට 14ට තිබූ දුප්පත්කම සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වි ඇති බවත් ප්‍රේමදාස මහතා අනාවරණ කලේය.

මෙවැනි තත්ත්වයක රජය තිබිය දි මේ රජය විසින් ඒ ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් සුළු ප්‍රමාණයකට සහනාධාර ලබා දීමට තීරණය කර ඇති බවත් එසේ තේරීම සිදු කරන්නේ කෙසේද කියා ගැටලුකාරි බවත් රජයට හෝ නිලධාරීන්ට හිතුමතේට එය සිදු කළ නොහැකි බවත් රජයට වැරදුනු තැන එය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාති ආගම් කුල පන්ති භේදයකින් තොරව නිවැරදිව දුප්පතුන් තෝරා ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව යි.

පෙනෙන්නට ඇති පරිදි මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ දුප්පතුන් යැයි කියා ගන්නා කොටසෙන් සුළු කොටසකට බවත් මේ හේතුවෙන් සැබෑ දුප්පතුන් අසරණ වී ඇති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ලෙස තමා පැවසූ බවත් හෙතෙම සඳහන් කළේය. දැන්වත් විපක්ෂය විසින් සිදු කරන යෝජනා කෙරෙහි අවධානය යොමු කර ආදායම් වියදම් සමික්ෂණයක් සිදු කර නිවැරදිව දුප්පත් ජනතාව අවබෝධ කර ගන්නා ලෙසත් එවිට දුප්පතුන් උද්ඝෝෂණය කරන එක පවා නතර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම සහනාධාර ලබා දිය යුත්තේ එය ලැබිය යුතු සුදුස්සන්ට බවත් සහනාධාර නුසුදුස්සන්ට ලබා දීම රටට කරන හානියක් බවත් එබැවින් මේ සඳහා ඇති එකම විසදුම දුප්පත් ජනතාව කවුද කියා සොයා බැලීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම බවත් පැවසීය.

අස්වැසුම ඇස්වැසුමක් වෙන බවක් පෙනෙන්නට ඇති බවත් පසුගිය කාලයේ ඇස් වසා ගහපු ගේම් නිසා රට බංකොලොත් වූ බවත් ජනතාව වුවත් තවත් එවැනි ගේම්වලට අහු නොවන බවත් ප්‍රේමදාස කියා සිටියේ ය.

තවද ගැබිනි මව්වරුන්ට කිරිදෙන් මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නොමැති බවත් මොන ආණ්ඩුව ආවත් ලබා දුන් ත්‍රිපෝෂ සහනාධාරය මේ ආණ්ඩුව කපා දැමීම අනුමත කළ නොහැකි බවත් මේ වරද වහා නිවැරදි කළ යුතු බවත් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම වහාම නවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙමාපියන් ගැබිනි මව්වරුන් දරුවන් වෙනුවෙන් කතා කරද්දි ඊට උසුළු විසුළු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ටිකක් සිටින බවත් උන්මත්තකයන් සේ ඔවුන් කටයුතු කිරීම හෙළා දකින බවත් මෙය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය බව අමතක නොකළ යුතු බවත් ත්‍රිපෝෂ සහනාධාරය පවා කපා හැරපු මේ අවස්ථාවේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Post Views: 13
Previous Post

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Next Post

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ – රජය

editor

editor

Next Post

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ - රජය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved