• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල කඩා වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි ….! මේ ආණ්ඩුවට දිගුකාලීන සැලසුම් නෑ … – ජවිපෙ අනුර

25 September 2018
in දේශීය

රුපියල කඩා වැටීම නැවැත්වීම සඳහා අපිට දිගු කාලීන හා කෙටි කාලීන ක‍්‍රමවේද සැකසිය යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී දිසානායක මහතා කියා සිටියේ කෙටිකාලීනව ගත්තොත් ආණ්ඩුව මැදිහත් වී රුපියල ස්ථාවර කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “එසේ කළ යුත්තේ මෙය චකී‍්‍රය ලෙස අර්බුදය තවත් උග‍්‍ර කරවන නිසයි. විදෙස්ගත ශ‍්‍රමිකයින් තමන් උපයන මුදල් මේ රටට එවීම පිළිබඳව නැවත සිතා බලනවා. ඔවුන් වැඩි වාසි ලැබීම සඳහා ඩොලරය ඉහළ යාම දෙස බලා සිටිනවා. ඇතැම් අපනයන වෙනුවෙන් ලැබෙන ඩොලර් පවා අපනයනකරුවන් මෙරටට ගෙන ඒම ප‍්‍රමාද කරනවා. රුපියල අස්ථාවර වී ඇති විට ඩොලර් අතේ ඇති කෙනා ඩොලර් මාරු කිරීමෙන් වැළකී සිටිනවා. එම නිසා ලැබිය යුතු ඩොලර් ප‍්‍රමාණය පවා නොලැබී යනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස නැවත ඩොලරය ඉහළ යනවා. මෙය විෂම චක‍්‍රීය අර්බුදයක් බවට පත්වෙනවා. එම නිසා ඩොලරය කෙටි කාලීනව යම් ස්ථාවරභාවයකට ගෙන ආ යුතුව තිබෙනවා. එසේ ගෙන ඒමෙන් තොරව කඩා වැටීම පාලනය කළ නොහැකියි. දිගුකාලීන සැලැස්මක්ද මීට අවශ්‍යයි. අපේ වෙළඳ ශේෂයේ හිඟය පියමං කරන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුව තිබෙනවා. ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කරගන්නේ කෙසේදැයි සිතිය යුතුව තිබෙනවා. එහෙත් මේ ආණ්ඩුවලට එවැනි කිසිදු දිගුකාලීන සැලසුමක් නැහැ. යැයි දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 7
Previous Post

“ස්පාක් 18” ඇමැති අකිලගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

ඕන දේකට මම සුදානම් – ෆිල්ඩ් මාර්ෂල් සරත් CIDයෙන් පිටව යන විට කියයි

editor

editor

Next Post

ඕන දේකට මම සුදානම් - ෆිල්ඩ් මාර්ෂල් සරත් CIDයෙන් පිටව යන විට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved