27 April 2024
#දේශීය

වැඩි බිල්පත් ආවේ විදුලි බල මණ්ඩලයට අත්වැරදීමක් නිසා !

සමහර  විදුලි පාරිභෝගිකයින්ගේ  බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම තත්ත්වය වහාම නිවැරැදි කර  නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  විදුලිබල මණ්ඩල ඉහල නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට මහින්ද අමරවීර අමාත්‍යවරයාට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනූව  කළ සොයා බැලීමක දී එය  විදුලිබල මණ්ඩලයේ අතපසුවිමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූවක් බව අනාවරණය වූ බවත් සඳහන්ය.

එහිදී අදාළ අතපසු වීම  වහාම සකස් කර නිවැරැදි විදුලි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් නිකුත්කළ බවත් කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගැනෙන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *