27 July 2024
#දේශීය

විපක්ෂය අධිකරණයට යන්නේ ජන්දයට බය නිසා – ෂෙහාන්

 මැතිවරණ වලට බිය වී ඇති විපක්ෂය අද  අධිකරණයට යන තත්ත්වයක් නිර්මාණය වි ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් ඔහු  මේ බව සඳහන් කළ අතර සමඟි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණයට ගොස් ඇත්තේ මැතිවරණය පැවැත්වීම යනු නීති විරෝධි ක්‍රියාවක් ලෙසින් ජනතාවට ඒත්තු ගැන්වීමට බවත් පැවසීය.

ඔවුන්ට මැතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව හේතුවෙන් මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන බවත් කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සියල්ල තීරණය වන්නේ රටේ සෞඛ්‍ය අංශ විසින් මැතිවරණ කොමිසමට ලබා දෙන තීන්දු උපදෙස් අනුව බවත් ඔහු පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *