27 April 2024
#දේශීය

මාතලේ කටුදෙණිය යුද හමුදාව ඉදිකල නිවස ජනතා අයිතියට පත් කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වු පවුලක් වෙනුවෙන් යුධ හමුදාව ඉදිකළ නව නිවසක් ඔවුන් වෙත පවරා දිම ඉකුත්දා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පති රාජිත තීක්‍ෂණ මහතා දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජිවත් වූ එම පවුල වෙත නිවසක් ඉදිකර දෙන ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද්ධ හමුදාධිපතිවරයාගෙන් කරන ලද කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඒ මහතාගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතිනියක වන කාංචනා ඉලංගසිංහ මහත්මිය විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 12.5 මුදලක් සහ සහ රු. 50,000. 00 වටිනා ගෘහ භාණ්ඩ නිවාසලාභී පවුල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සිථිර රැකියාවක් නොමැති කටුදෙණිය, වාරියපොල නව ජනපදයේ කුඩා නිවසක පදිංචිව සිටින ඩී.ඒ සරත් කුමාර මහතාගේ දියණියන් දෙදෙනා සහ පුතුන් දෙදෙනා මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ඔවුන්ද නොයෙකුත් රැකියාවල නිරත වෙමින් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරනු ලබයි.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු 532 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 8 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සති කිහිපයක් ඇතුළත නිමකරනු ලැබු නව නිවස, නිවාසලාභීන් වෙත පවරා දීම සිදු වු අතර පරිත්‍යාගශීලීන් නියෝජනය කරමින් චිත්‍රා ඉලංගසිංහ මහත්මිය ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ සහ ආරක්‍ෂක සේනා ආඥාපති – මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, චිත්‍රා ඉලංගසිංහ මහත්මිය, නිවාස ලාභී පවුලේ සාමාජිකයින්, ඥාතීන් සහ ඉදිකිරීමේ කටයුතු සඳහා දායක වූ භටපිරිස් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *