27 April 2024
#දේශීය

ආර්ථික අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්

ආර්ථික වශයෙන් රට අභියෝගයකට මුහුණ දී ඇති මේ යුගයේ දී එය ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න හා රාජ්‍ය බැංකු කෙසේ ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව අද (26) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදිය.

මේ වන විට මහජනතාව පත්ව ඇති පීඩාකාරී ආර්ථික තත්ත්වය හමුවේ ණය ගෙවීම් ඇතුළු බැංකු කටයුතුවලදී රජය සහ රාජ්‍ය බැංකු එක්ව සහනදායී සහ සමූහික පිළිවෙතක් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරයා රාජ්‍ය හා බැංකු නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වමින් සේමසිංහ මහතා කියා සිටියේ, රටේ වත්මන් තත්ත්වයට මුහුණ දීමට හැකි ආකාරයෙන්, කෙටි කාලීන හා දීර්ඝ කාලීන ලිහිල් පිළිවෙත් අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

ආර්ථික වශයෙන් රට අභියෝගයකට මුහුණ දී ඇති මේ යුගයේ දී එය ජය ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කෙරිණි. එමෙන් ම රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා රජය සියලු පියවරන් අනුගමනය කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීහු සහ රාජ්‍ය බැංකු ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *