• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංවිම විදුලි බිල්පත් නිකුත් කිරීම යාවත්කාලීන කෙරේ

8 July 2022
in දේශීය

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී පහත ක්‍රමවේද භාවිතා කරනු ඇත.

එනම්, තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (thermal printed bills) — කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.එසේම කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

CEBCare ජංගම දුරකථන යෙදුම – CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇති අතර වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණකගත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “CEB Assist” වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දෙන ලද අතර, බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විද්‍යුත් තැපැල් මඟින් ඊ-බිල්පත් නිකුත් කිරීම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදාහැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය අතර, මෙම නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමට ද දායක වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 23
Previous Post

කැනේඩියානු මහ කොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්

Next Post

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් – ජනපති කියයි

editor

editor

Next Post

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved