• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධ විපක්ෂය පට්ටපල් බොරු කියන්නේ  

25 July 2018
in සංවර්ධන

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණන්න හදනවා යැයි ඒකාබද්ධ විපක්ෂය කරන චෝදනා පට්ටපල් බොරු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අගුනකොලපැළැස්ස යකාගල වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ” අපේ රටේ හැම වාරි ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ විදුලිබලය නිපදවීමට ප්‍රමුඛත්වය ලබා දෙමින්. දෙවන කාරණය තමයි ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම. තුන්වන කාරණය සංචාරක කර්මාන්තය. හතරවන කාරණය තමයි ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීම.

මේවා ගැන අද ආණ්ඩුවට විරුද්ධව කතා කරන අය කියන්නේ නැහැ. අද සමහර මාධ්‍ය උදේ ඉඳන් රෑ වෙනකම් කියන්නේ ප්‍රශ්න හා ගැටළු විතරයි. උදේට පත්තරවල රූපවාහිනි නාලිකාවලින් කියවන අය කියවන්නේ සමහර විස්තර අතිනුත් දාලා. කටවල් ඇද කරලා. එතකොට හිතෙනවා අපේ රට විශාලා මහනුවර වගේ වෙලා කියලා . නමුත් මේ ආණ්ඩුව කරන කිසිම හොඳ දෙයක් මාධ්‍ය තුළ පළ කරන්නේ නැහැ.ඒකට කමක් නැහැ. රජය ජනතාව වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනවා.

මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් පත්වූවාට පස්සේ භෝග වර්ග හයක් සඳහා කෘෂි රක්ෂණය නොමිලයේ ලබා දෙන්න තීරණය කළා. වී, බඩඉරිඟු, සෝයා බෝංචි, මිරිස්, ලොකු ලූනු හා අර්තාපල් සඳහා. ඒවා කිසියම් වගා හානියකට ලක් වුවහොත් අපි හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් ලබා දෙනවා. හැබැයි වාරික මුදල් වශයෙන් ගොවින්ගෙන් සතපහක්වත් අය කරන්නේ නැහැ. ඒ සඳහා අපි දැනටමත් රු. මි. 5228ක මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම තමයි පොහොර සහනාධාරය අපි ලබා දෙනවා. කිසිදු හිඟයකින් තොරව පොහොර ලබා දීමයි අපේ ඉලක්කය. මේ යල කන්නයේ දී කිසිදු පොහොර හිඟයක් වාර්තා වුණේ නැහැ. ඒ වගේම තමයි මීළඟ මහ කන්නයේදී රු. 500ට වී වගාවට ලබා දෙන යූරියා පොහොරත්, රු. 1500ට දෙන සෙසු අතුරු බෝග සඳහා වන පොහොරත් අපි ගොවිජන මධ්‍යස්ථානවලින් ලබා දීමේ පහසුව ඇති කරනවා. ඒ සඳහා දැනටමත් අපි අවශ්‍ය පියවර ගෙන අවසන්.

ඒ වගේම තමයි අපේ පුරාණ වැව් සියල්ලම සංවර්ධනය කිරීම අපි අරඹා තිබෙනවා. ඒ සඳහා “වැව් දහසක්- ගම් දහසක්” වැඩ පිළිවෙළ යටතේ රු. මි. 9000ක්, ජනාධිපතිතුමාගේ “ග්‍රාමශක්ති” වැඩපිළිවෙල යටතේ රු. මි. 12000කුත් වෙන් කර තිබෙනවා. “ගම්පෙරළිය” වැඩපිළිවෙල යටතේ තවත් රු.මි. 65000ක් ගම සංවර්ධනයට ලබා දෙනවා.

මෙහෙම කටයුතු කරපු රජයක් මින්පෙර තිබෙනවාද? අපි බොරු රඟපෑම් කරන්නේ නැහැ. ඒකතමයි වෙනස. යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

Post Views: 9
Previous Post

ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධය සාකච්ඡාවක්

Next Post

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

editor

editor

Next Post

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved