• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මන්ත්‍රී වාහන ගෙන්වීමට එරෙහිව ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

17 June 2021
in දේශීය

මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපබෝගී වාහන ගෙන්වීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය නීතිවිරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් අයැද ඇත.

එසේම යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමිවීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ, නීතීඥ සුනිල් වටගල යන අය එම අවස්ථාවට සහභාගි විය.

Post Views: 5
Previous Post

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

Next Post

පෙර පාසල තුල දරුවන්ට පරිසරය විදින්න ඉඩ සලස්වන්න – අගමැති

editor

editor

Next Post

පෙර පාසල තුල දරුවන්ට පරිසරය විදින්න ඉඩ සලස්වන්න - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved