• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විශාලතම සුළං විදුලි බලාගාරය එළැඹෙන 08 වනදා අගමැති සුරතින් ජනතා අයිතියට – රාජ්‍ය ඇමැති දුමින්ද

5 December 2020
in සංවර්ධන

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය එළැඹෙන 08 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්නාරම සුළං විදුලි බලාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අදහස් පල කළා “ අද ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි විශාල ප්‍රවනතාවයක් ඇවිල්ලා තියෙනවා.ඒ අනුව ලෝකයේ දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල්, සියලු රටවල් තමන්ගේ බලශක්ති ගැටලුවට විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් එකතු කර ගත යුතුයි හා එකතු කර ගනිමින් පවතිනවා. අපිට රටක් විදිහට ඉතිහාසයේ පුනර්ජනනීය බලශක්තියත් එක්ක ආව ගමනේ,ඉතාමත් හොඳ සන්ධිෂ්ඨානයක් බවට පත් වෙනවා, මන්නාරම සුලං විදුලි බලාගාරය.අපි දෙසැම්බර් මාසේ 08 වැනිදා අපිට පුළුවන්කම ලැබෙනවා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100 ක් සුළං විදුලි බලාගාරයක් ජනතා අයිතියට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා.එහෙම ගත්තාම පුනර්ජනනීය බලශක්තිය අති දැවැන්ත විදිහට, අපි පුනර්ජනනීය බලශක්තිය මගින් ජාතික විදුලි බල පද්ධතිය ශක්තිමත් කරන අවස්ථාවක් තමයි දෙසැම්බර් මාසේ 08 වැනිදා කියලා කියන්නේ.

මේ බලාගාරයට කලින් සුළං බලාගාර ගත්තොත් මෙගාවොට් 148 ක් පමණ මේ වන විට එකතු කරලා තියෙනවා කුඩා බලාගාර විදිහට.නමුත් මන්නාරම සුළං විදුලි බලාගාරය කියන්නේ ආණ්ඩුව සතු වන අති දවැන්තම පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කරන බලාගාරයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්කම තියෙනවා.මේ සඳහා අපිට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතලිහයක් පමණ වියදම් කරලා තියෙනවා.ලංකා මුදලින් ගත්තොත් පියල් මිලියන විසි පන්දහසක් මේ සඳහා වැය කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා භාවිතා කරපු තාක්ෂණය ගත්තොත් ලෝකයේ අති දැවැන්තම, අති දියුණුම තාක්ෂණ සහිත සමාගම් තමයි මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙන්නේ.ඒ අනුව පුනර්ජනනීය බලශක්තියේ තවත් එක් අදියරකට අපි ගමන් කරලා තියෙනවා.මන්නාරම සුළං විදුලි බලාගාරය කියන්නේ තවත් එක් අවස්ථාවක් පමණයි,අපි ඉදිරි කාළය තුළ බලාපොරොත්තු වෙනවා,70% ක ඉලක්කය සඳහා පුනර්ජනනීය බලශක්තිය ඉතාමත් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එකතු කරන්නත්.එමගින් මේ රටේ විදුලිය අඩු මුදලකට බලාපොරොත්තු වන, ඒ වගේම විදුලිය ආර්ථිකයේ මර්මස්ථානයක් බවට පත් වෙලා තිබීම අපේ ආර්ථිකයට විශාල හයියක් මේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීම මගින් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අපි පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කථා කරපුවහම,අපි මේ මන්නාරම බලාගාරයෙන් පමණක් මෙගා වොට් 100 ක බලාගාරයෙන් පමණක් කාබන්ඩයොක්සයිඩ් වර්ෂයකට මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් එකතු වීම අපි වලක්වනවා.ඒ කියන්නේ අඩු මුදලකට විදුලිය ලබා ගැනීම පමණක් නෙමෙයි, පරිසරය දූෂණය වීමත් විශාල වශයෙන් අපි වලක්වා ගන්නවා.පුනර්ජනනීය බලශක්තිය කියලා කියන්නේ අඩු මුදලකින් විදුලිය ලබා ගැනීම පමණක් නොවෙයි පරිසර හිතකාමී විදිහට පරිසර විනාශයටත් විසදුමක් විදිහටත් අපි මේක දකිනවා.මන්නාරම බලාගාරය ගත්තාම මෙගා වොට් 100 ක සුළං විදුලි බලාගාරයෙන් අපිට රුපියල් 10 කට වඩා අඩු මුදලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය එකතු කිරීමේදී රටේ ජනතාවට ලබා දීම සඳහා බොහෝම අඩුම මුදලකට විදුලය නිෂ්පාදනය කිරීම තමයි අපේ අරමුණ වන්නේ යැයි පැවසීය.

Post Views: 11
Previous Post

කෙලින්කන්ද ප්‍රදේශයට 4G තාක්ෂණයෙන් බලගැන්වේ – විදුලි සංදේශ නියාමන කොමිසමේ තවත් ව්‍යාපෘතියක්

Next Post

හිටපු ඇමැති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි 

editor

editor

Next Post

හිටපු ඇමැති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved