27 April 2024
#ක්‍රීඩා

ලිස්ට් එකේ මුළින්ම ඉන්නේ කාන්තාවක්

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වී සිටින අයගේ ලැයිස්තුව බැලු විට කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කහවත්ත ප්‍ර දේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරිය කියා සිටියේ අපි භාර ගන්න කොට මේ රට නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා මේවාට ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවයි.

මුදලට යට වෙලා තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහාට අර ගෙන යනවා නම් මහ ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නොමැති බව ද ඇය කියා සිටියේය.

රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ කාලයේ පාතාලය ක්‍රියාත්මක වුණා.කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *