27 April 2024
#ක්‍රීඩා

LPL තරගාවලිය අද පස්වරුවේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භවීමට සියළු කටයුතු සුදානම්.

එහි සමාරම්භක උත්සවය අද පස්වරු 3.30ට පැවැත්වෙන අතර ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30 ආරම්භවන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරගයෙනි.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *