• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරස් පාලනයේදී චීන ජාතියකයින් හැසිමට අගය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවසයි

30 August 2020
in දේශීය

චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ නිරෝධායන නීතිරීති නිසි පරිදි පිළිපැදීම ඉතා අගය කොට සළකන කරුණක් බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවුසවේ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදිය.

එහිදී ඇය කියා සිටියේ චීන ජාතිකයින්ගේ ආදර්ශමත් හැසිරීම වෛරසය පැතරයාම පාලනයට මනා පිටුවහළක් වූ බවත්, කිසිදු අයුරකින් වෛරසය පැතිරයාමට ඔවුන් ඉඩක් ලබානොදුන් බව ද අවධාරණය කරන ලදි.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය කාලය තුල ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි. ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත පිළිබදව චීන රජයේ අවධානය යොමුව ඇති බවත්, චීන රජය ඒ පිළිබද ඉතා පැහැදීමට ලක්ව ඇති බවද ප්‍රකාශ කරන ලදි.

පසුගිය සමය තුල චීන රජය නිරන්තරයෙන් මෙරටට ආධාර උපකාර සිදු කළ බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයටත්, කොවිඩ් වෛරසය හේතුවෙන් ඉදිරියේ දී ගැටළුකාරි තත්ත්වයන් ඇතිවුවහොත් සහ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සදහා සියළු සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කරන ලදි. පැවැති ව්‍යසනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කොට බවත්, එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තවත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට නැවැත අවස්ථාව ලැබී ඇති බව ද ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයා උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ වෛරසය මැඩපැවැත්වීමට තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවයි.

චීන රජය පැවැති ව්‍යසනකාරි තත්ත්වය තුල ද මෙරටට විශාල වශයෙන් ආධාර උපකාර සිදු කිරීම පිළිබදව ද සිහිපත් කරන ලදි. චීනය සමග ශ්‍රී ලංකාව සැමදාම අත්වැල් බැදගෙන සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

කහ ප්‍රවාහනය කල තවත් ලොරියක් අත්අඩංගුවට

Next Post

19 අහෝසි කර ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

editor

editor

Next Post

19 අහෝසි කර ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනවා - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved