• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති බන්දුල යටියන්තොට ප්‍රදේශයේ හදිසි සංචාරයක්

5 August 2022
in දේශීය

යටියන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (05) පෙරවරුවේදී සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී මලල්පොල ග්‍රාමයේ ජනතාව හමු වූ අමාත්‍යවරයාගෙන් එම ප්‍රදේශවාසීන් දැනට වැඩ ආරම්භකර නවතා දමා ඇති යටියන්තොට – පූනාගල, මිනාගල මාර්ගයේ වැඩ නිමකර දෙන මෙන් ඉල්ලා සිටියේය.

කිලෝමීටර් ලක්ෂයේ (100000) වැඩ සටහන යටතේ මෙම මාර්ගයේ කිලෝ මීටර් 23ක් කාපට් කිරීම සඳහා වැඩ ආරම්භ කර ඇති අතර එයින් කි.මී.10ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 250 බැගින් වූ කොන්ත්‍රාත් ප්‍රදානයන් දෙකක්ද සිදුකර ඇත.

නමුත් කි.මී.2ක් සංවර්ධනය කර වැඩ අතරමග නැවතී ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් මුදල් තත්වය ද සලකා බලා ජනතාවට වන හානිය අවම කරමින් මාර්ගයේ වැඩ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් අමාත්‍යාංශ ලේකම් රංජිත් පේමසිරි මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

එමෙන්ම 6.30 – 7.30 පැලම්පිටිය – අවිස්සාවේල්ල බස් කාල සටහන සඳහා බස්රථ දෙකක් ලබාදෙන මෙන් එම ජනතාව ඉල්ලා සිටි අතර ඉදිරියේදී ගෙන්වීමට නියමිත කුඩා බස්රථ වලින් බස් රථ දෙකක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය. එමෙන්ම එම ප්‍රදේශවල පාසල් ළමුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ”සිසුසැරිය” බස් රථයක්ද ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන මෙන් අමාත්‍යාංශ ලේකම්තුමාට උපදෙස් ලබා දෙන ලදි.

ඉන් අනතුරුව වර්ෂාවට කැඩී ගොස් ඇති යටියන්තොට – පැලන්පිටිය, පල්ලේකුඹුර, මාවත්ත ගම් යා කරන පාලම නිරීක්ෂණයට අමාත්‍යවරයා එක් විය.

ඒ වෙනුවට තාවකාලික පාලමක් වී ඔය හරහා ඉදිකර තිබුණද එම පාලමද පසුගිය 29 වැනිදා වර්ෂාව නිසා ගැලවී ගොස් ඇත. නව පාලමක් ඉදිකරන තෙක් ඒ ස‍ඳහා බේලි Bridge එකක් සාදා ජනතාවට එතෙර මෙතෙර යාමේ පහසුකම් සපයා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

පසුව ඕලුඇල්ල හරහා ඉදිව ඇති වසර 100ක් පැරණි ලී පාලම නිරීක්ෂණයට එක් විය. මෙම පාලම වෙනුවට නව පාලමක් සැදීම ආරම්භකර තිබුණද පැති බැමි ඉදිකර වැඩ අතරමග නැවතී ඇත. අලුතින් ටෙන්ඩර් කැඳවා නැවත වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

ඉන් අනතුරුව දහගහ ඔලුව ප්‍රදේශයේ වී ඔය හරහා ඉදිව ඇති කම්බි පාලම නිරීක්ෂණයටද අමත්‍යවරයා එක් විය. මෙම පාලම මීට වසර තුනකට පෙර ගසක් වැටී අනතුරට ලක්ව ඇති අතර කම්බියක් යොදාගෙන ප්‍රදේශයේ ජනතාව මෙන්ම පාසලේ ළමුන් ද අනතුරුදායක ලෙස ඔය හරහා දැනට ගමන් කරයි. සැලසුම් අංශය සමඟ සාකච්ඡා කර කම්බි යොදා මෙම පාලම නැවත ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් මෙහිදී අමාත්‍යවරයා අදාල නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්, සබරගමුව පළාත් අධ්‍යක්ෂක, කෑගල්ල ප්‍රධාන ඉංජිනේරු,රුවන්වැල්ල ප්‍රධාන ඉංජිනේරු, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් එක් විය.

 

Post Views: 11
Previous Post

monkeypox පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට

Next Post

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ තවත් පියවරක්

editor

editor

Next Post

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ තවත් පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved