27 April 2024
#දේශීය

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වන දිනට යෙදී ඇති අතර 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් සිහිකරමින් එය සමරනු ලැබේ.

මේ වන විටත් ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන අතර ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ත්‍රිවිධ හමුදාවට සියළු ආරක්‍ෂක විධිවිධාන යොදවන ලෙස උපදෙස්
ලබාදී තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත් කර ඇති අතර මෙම කාල සීමාව තුල දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්‍ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත්, දේවස්ථාන විසින් පත්කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලා සිටී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *