• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු ගැන වැරදි මතයක් ප්‍රචාරණය වෙන්න බව අධිකරණ අමාත්‍යංශය පවසයි

3 April 2021
in දේශීය

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැදවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව පෙනී යන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පුරප්පාඩු වී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් හෝ වෙනත් නියෝගයක් වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් නිකුත් කොට නොමැති අතර සිදු වී ඇත්තේ දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇති වන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ අයදුම්පත් කැදවා පුරප්පාඩු පිරවීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් පමණක් වේ.

2018 වර්ෂයේදී හදිසි මරණ පරීක්ෂවරුන්ගේ කාර්යභාරය වඩා කාර්යක්ෂම කිරීම සදහා එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශය අනුව විවිධ ගැටලු හදුනා ගෙන ඇත. පැය 24 ක කාලයක් තුළදී මුස්ලිම් ජනතාවගේ භුමදාන කටයුතු සිදු කළ යුතු බැවින් මරණ පරීක්ෂකවරුන් කාර්යාල කාල සීමාවන් තුළදී පමණක් රාජකාරී කිරීම හේතුවෙන් ගැටලු මතුවන බව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුවේ නිර්දේශයන් අතර විය. ඒ අනුව 2018 වර්ෂයේ දී පත් කරන ලද එම කමිටුව විසින් යෝජනා කර තිබුණේ බහු වාර්ගික ප්‍රාදේශීය බල ප්‍රදේශ 88 ක් සදහා බහුජන වර්ග නියෝජනය වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම යෝග්‍ය බවයි.

ඒ අනුව දැනට ස්ථාපිත කර ඇති තනතුරුවල පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදී මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යටතේ පුරප්පාඩු පිරවීම හැර කිසිදු තනතුරක් අලුතින් ඇති කිරීම හෝ ඒ සදහා නියෝගයක් නිකුත් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා විසින් පියවර ගෙන නොමැති බව ඉතා වගකීමෙන් අවධාරණය කර සිටිමි.

 

Post Views: 15
Previous Post

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

Next Post

සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද කතා ගොතන බව ජනපති කියයි

editor

editor

Next Post

සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද කතා ගොතන බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved