27 April 2024
#දේශීය

ඉතිහාසයේ අභියෝගාත්මක ම අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

නිදහස් ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ම අයවැය ලබන නොවැම්බර් මස 14 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෑගල්ලේ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාව ජීවිත කරවීමේ අභියෝගයට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණ දෙන බවයි.

2023 වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙන බවත් එය 2022 වසර සඳහා ඇස්තමේන්තු ගත වියදම වුණ රුපියල් බිලියන 6100ක වඩා බිලියන 1785ක වැඩිවීමක් බව හෙතෙම පැවසිය.

සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432ක්, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504ක්, ආරක්ෂක වියදම ලෙස රුපියල් බිලියන 367ක් ලෙස ඇස්තමේන්තු ගත කරල තියෙද්දි වැඩිය වැය ශීර්ෂය වන රුපියල් බිලියන 572 සමාජ ආරක්ෂණය වෙනුවෙන් වෙන් කරල තිබෙව බව රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කලේය.

වර්තමානයේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.5%ක් රටේ ආදායම 13% දක්වා වර්ධනය කර ගැනීම මෙවර අයවැයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 875 සිට 900 දක්වා ඉහළ නංවා ගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින – 8%ක ආර්ථික වර්ධනය ඉදිරියේ වසරේ දී -3% පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටි අමාත්‍ය සියඹලාපිටිය මහතා සඳහන් කළේ මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා තීරණාත්මක අවස්ථාව පවතින තත්ත්වයක් තුළ බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අසීරුතම අභියෝගයට මුහුණ දී සිටින බව කියා සිටි අමාත්‍යවරයා ඒ සඳහා සියලු ජනතාවගේ කැපවීම සහ අවබෝධය අපේක්ෂා කරන බව ද අවධාරණය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *