27 April 2024
#විදෙස්

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 141 දෙනෙකු මිය යයි

ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා පවසයි.

‘මච්චු’ නැමති ගංගාව හරහා ඉදිකර තිබූ ඉපැරණි පදික පාලමක් එලෙස කඩා වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ. මෙය වසර 140ක් පමණ පැරණි එම පාලම බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකර ඇති අතර එය සුළු ප්‍රතිසංස්කරණයකින් පසු ජනතාවගේ ගමනාගමන කටයුතු සදහා විවෘත කර තිබූ පාලමක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම සිද්ධියෙන් පුද්ගලයින් 350 කට අධික පිරිසක් ගඟට ඇද වැටී අතර තවත් 100 කට වැඩි පිරිසක් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිනු ඇති බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *