#දේශීය

ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ඩිජිටල්කරණය කෙරේ

දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරේ.

ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පලාත්පාලන ආයතන අතර ඊයේ 30 දින සිදුකෙරිණ .

නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම මෙමගින් සිදු කෙරේ.

මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුලින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීකෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත කොහා KOHA විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *