27 April 2024
#දේශීය

කාන්තාව තමයි සවිවත් වු තුන්වන බලවේගය – විපක්ෂනායක සජිත්

කඩුව හා පෑන වශයෙන් ලෝකයේ බලවේගයන් දෙකක් පවතින නමුත් එම බලවේගයන් දෙකටම වඩා සවිමත් වූ තුන්වන බලවේගය තමයි කාන්තා බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම විශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

විශේෂයෙන්ම අද දිනයේ කාන්තා ක්ෂේත්‍රයත් දූ දරුවන්ගේ ක්ෂේත්‍රයත් කේන්ද්‍රකරගෙන මගේ කතාව ඉදිරිපත් කරන්නට මං අදහස් කරනව. එක්තරා අවස්ථාවකදී මිෂෙල් ඔබාමා මැතිණිය ප්‍රකාශ කරනවා සිය රටේ කාන්තාවන්ගේ හැකියාව සිරකොට තබමින් සිය පුරවැසි ජනතාව අතරින් අඩකගේ දායකත්වය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් කිසිදු රටකට කිසිදින සැබෑ සමෘද්ධියක් අත්පත් කරගත නොහැක. ගැහැණු ළමුන් වෙත අධ්‍යාපනය ලබා දුන් කල්හි ඔවුන්ගේ රටවල් වඩ වඩාත් ශක්තිමත් හා සමෘද්ධිමත් බවට පත්වේ. අපේ රටේ බහුතරයක් අද කාන්තාවන් දල වශයෙන් කතා කරොත් විවිධ සංඛ්‍යා ලේඛනවලට අනුව 51.5%ක් කාන්තාවන්. බහුතරයක් සිටින රටක කාන්තා සහ දරුවන්ගේ විෂය වෙනුවෙන් වෙනමම කැබිනට් අමාත්‍ය ධුරයක් නොතිබීම ගැන අපි බලවත් ලෙස කණගාටු කනගාටුවට පත් වෙනවා. අපි දකිනවා වර්තමාන රාජ්‍ය පාලනයේ එවන් කැබිනට් ඇමති ධුරයක් නොතිබීම බරපතළ දුර්වලතාවයක් හැටියට. රටක ජීවනාලිය අපේ කාන්තාව, මව, බිරිඳ, යෙහෙළිය, සොහොයුරිය රටක ජන සමාජය ප්‍රධාන පුරුකක් හැටියට අපිට කාන්තාව හඳුනන්නට පුළුවන්. අපි කියාගන්නවා දියුණු වෙන රටක් හැටියට මැදි ආදායම් රටක් හැටියට දැන්නම් හඳුන්වන්නේ අඩු මැදි ආදායම් රටක් හැටියට. කොයි ආකාරයේ තත්ත්වයන් ගැන අපි කතා කරත් අඩු මැදි ආදායම් රටක් හැටියට තවදුරටත් ඉදිරියට යන්නට උත්සාහ කරන ගමනේ කාන්තාවන්ගෙ වටිනාකමට සරිලන ආකාරයට අද අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය තුළ, රාජ්‍ය පාලනය තුළ, රාජ්‍ය සේවය තුළ නිසි තැන කාන්තාවට ලැබිලා තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අද කාන්තාවට ගැටලු රාශියකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. කාන්තා පරපුරත් දරු පරපුරත් මුහුණදෙන ප්‍රධාන ගැටළු පිළිබඳව සාකච්ඡා කරන්නටත් ඒවාට අපි ලබාදෙන විසඳුම් පිලිබඳවත් විග්‍රහ කරන්නට මගේ කතාව තුළ මම උත්සාහ කරනවා.

විශේෂයෙන්ම කාන්තා පුරුෂ සමානාත්මතාවය දිහා බලනකොට gender equality දිහා බලනකොට මේ ශ්‍රේණිගත කරන්නට පටන් පටන් ගත්ත 2006 වසරේ 2006 වසරේ global gender gap report එක හරහා ශ්‍රී ලංකාවට ලැබුණ රටවල් 115 කින් දහතුන්වැනි ශ්‍රේණිගත ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ අපි ඉතාම ඉහළ මට්ටමක හිටියේ. ඔස්ට්‍රේලියාවට, කැනඩාවට, ස්ව්ස්ටර්ලන්තය ට, සිංගප්පූරුවේ ටත් වඩා ඉහළ මට්ටමක හිටියේ. හැබැයි නවීනතම සංගණනයේදී අපි රටවල් 153 ක් අතරින් එකසිය දෙවන ස්ථානයට පහළ වැටිලා තියෙනවා. 2019 – 2020 ශ්‍රේණිගත කිරීම, ඒ කියන්නේ ස්ථාන 89 එකෙන් අපි පහල වැටිලා තියෙනවා. මම මේ කාන්තාව පිළිබඳව gender gap report එක ගරු අමාත්‍යවරයාගේ මම දන්නෑ කවුද ක්ෂේත්‍රය භාර අමාත්‍යවරයා කියලා. ඇමතිවරයෙක් ඉන්නවාද දන්නෙත් නැහැ. ඔහුගේ හෝ ඇයගේ අවබෝධය උදෙසා මම මේක හැන්සාඩ් ගත කරනවා. ඒ වගේම සභාගත කරනවා. කාන්තා විෂය කැබිනට් ධුරයේ සිට රාජ්‍ය අමාත්‍ය ධුරයකට පහත හෙලන්නට මේ රජය කටයුතු කිරීම ඉතාමත් කණගාටුදායකයි. global gender gap report 2021 මම හැන්සාඩ් ගත කරනවා. රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රයෝජනය සඳහා. විශේෂයෙන්ම මෙම රිපෝට් එකේ පිටු අංක 353 – 354 කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මේ රටේ කාන්තාවන්ට ලබා දිය යුතු ඒ උපරිම ශක්තිය, ඒ උපරිම අවධානය ලබා දෙන්නට කටයුතු කරන්න. එම යෝජනාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. 2006 වසරේ මේ ශ්‍රේණිගත කිරීම් කරන කොට ඇත්ත වශයෙන්ම සිංගප්පූරුව හිටිය හැටපස් වන තැන ප්‍රංශය හිටියේ හැත්තෑ වැනි ස්ථානයේ ඉතියෝපියාව හිටියේ සිය වන ස්ථානයේ නමුත් 2019 20 වන විට සිංගප්පූරුව ප්‍රගතිය ලබලා 54 වන ස්ථානය ලබාගෙන. ඉතියෝපියාවත් ප්‍රගතියක් ලබලා තියෙනවා අසු දෙවෙනි ස්ථානය. ප්‍රංශයත් ප්‍රගතියක් ලබා තිබෙනවා. 70 සිට 15 දක්වා එය ඉහළ තැනකට ආවා. එය එසේ සිදුවන කොට නැවත වරක් කණගාටුවෙන් මතක් කරන්නට ඕන අපි ස්ථාන අසු නමයකින් පහලට ගිහිල්ලා 153 න් 102 වන ස්ථානයේ සිටිනවා. දකුණු ආසියාවේ රටවල් සමග සංසන්දනය කළොත් නේපාලය, ඉන්දියාව, බංගලාදේශය . 2006 බංගලාදේශය අද වෙනකොට පනහ දක්වා ප්‍රගතියක් ලබලා තියෙනවා. නේපාලය එකසිය දහ වන තැන ඉඳලා එක 100 වන තැනට ඇවිල්ල තියෙනව. නමුත් කණගාටුවෙන් මතක් කරන්නට ඕනේ අපිට මොකක්ද වෙලා තියෙන්නේ. අපි දහතුන් වෙනි තැන ඉඳලා 102 දක්වා පහළ වැටිලා තියෙනවා. ශ්‍රේණිගත කිරීම පදනම් වන්නේ මොන මොන කරුණු කාරණා මත ද? ආර්ථික සහභාගිත්වය, අධ්‍යාපන සහභාගිත්වය, අධ්‍යාපන සාර්ථකත්වය, සෞඛ්‍ය හා පැවැත්ම, දේශපාලන සවිබලගැන්වීම් විශේෂයෙන්ම මේ කතාව තුළ අපි ප්‍රශ්න හඳුනා ගන්නවා. ඒ වගේම හඳුනාගත් ප්‍රශ්නවලට අපි විසඳුම් යෝජනා කරනවා. පාසල් අධ්‍යාපනය, තෘතීක, අධ්‍යාපන වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය, කාන්තාවන්ට තිබෙන පහසුකම් පහළ යමින් තිබෙනවා. මොනවද විසඳුම්? තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ නිපුණතා සංවර්ධන සඳහා කාන්තාව දිරිගැන්වීමේ යෝජනා ක්‍රම දියත් කරන්නට ඕන. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ සංකල්ප ඇතුලත් කරගත් පාසල් විෂයමාලාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ඒකකෘතිවලට අපි අභියෝග කරන්නට ඕන. දේශීය හා ගෝලීය රැකියා වල වෙළදපොලේ රැකියා සුරක්ෂිත කිරීම සඳහා ලිපි එක සහ තෘතීක මට්ටමේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය අරමුදල් සමඟ විදේශීය භාෂා තොරතුරු තාක්ෂණ දැනුම සඳහා ඉගෙනීමේ අවස්ථා නිර්මාණය කරන්නට ඕන. ස්වයං රැකියාවල නිරතව සිටින කාන්තාවන් සඳහා තාක්ෂණික කුසලතා, සංවර්ධනය, වෙළඳපල සම්බන්ධතා පිළිබඳ දැනුම ඔවුන්ගේ නිවසේ සිටම ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නට ඕනි. ආර්ථිකය දිහා බැලුවමත් ඒ ආර්ථික දර්ශක අතින් දකුණු ආසියාතික රටවල් වලට වඩා ඉදිරියෙන් සිටියත්, කාන්තා සහභාගීත්වය ඉතාමත් අඩු තත්වයක තිබුනේ. අභියෝගාත්මක ප්‍රශ්නයක් ජනතා සහභාගිත්වය රැකියා වෙළඳපලේ ශ්‍රම බලකායේ සියයට තිහක් – 35ත් අතර අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපේ රටේ කාන්තාවන්ට ගුණාත්මක භාවයෙන් ඉහළ රැකියා ලැබෙන්නේ නැහැ. ලැබෙන වැටුප ඉතාමත්ම පහළ එකක්. පුරුෂ පාර්ශ්වයට වඩා සාපේක්ෂව හිරිහැර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කාන්තාවට ආර්ථික කම්පන දරා දරාගැනීමේ හැකියාව පලුදු වෙලා තියෙනවා. කාන්තා මූලික පවුල් වලට අද දුෂ්කරතාවයක් වර්ධනය වෙලා තියෙනවා. කම්කරු රෙගුලාසි හරහා අවිධිමත් අංශයේ සේවකයින්ගේ සේවකයින් ගේ ආරක්ෂාව සහතික කරන යෝජනාවක් අපි ඉදිරිපත් කරනවා. ග්‍රාමීය සේවකයන්ගේ, සංක්‍රමණික සේවකයින්ගේ, උප කොන්ත්‍රාත් සේවකයින් ගේ සහ වැඩි වශයෙන් කාන්තාවන්ගෙන් යුක්ත වන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ජාත්‍යන්තර සංවිධානයන්හි සම්මුතීන් අපරානුමත කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ. කාන්තා සංක්‍රමණික සේවකයන් අපයෝජනයෙන් හා සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සංක්‍රමණය වන රටවල් සමඟ ද්විපාර්ශවීය ගිවිසුම් වලට අපි එළඹෙන්න ඕනේ. ගෘහ සේවිකාවන් ඇතුළු අවිධිමත් අංශයේ සේවය කරන කාන්තාවන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව සංවේදී වැටුප් ප්‍රතිපත්තියක් සහතික කිරීම සඳහා නීති හඳුන්වා දෙන්න ඕනේ. අප රටේ කාන්තාවන් බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වෙලා. තමාගේ ජන ජීවිතය ඉතාමත් පහළ තත්ත්වයකට වැටිලා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලේ පැටලුණු කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා මේ රජය ඉතාමත් ඉක්මනින් පියවරක් ගත යුතුයි කියන එක අපේ අදහසයි. කාන්තාව මුහුණ දෙන ප්‍රශ්න වලදී විශේෂයෙන් කාන්තා පරපුරටත්, විශේෂයෙන්ම දරු පරපුරටත් ඉලක්ක කරගෙන මේ covid-19 සමයේ විවිධ සහන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ වගේම රැකියා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය ඉවත් කරන්නට ඕනි. රැකියාවල නිරත වී සිටින කාන්තාවන් සහ ගෘහ සේවය කාන්තාවන් ඇතුලූ අවිධිමත් අංශයේ කාන්තාවන්ට රක්ෂණ ක්‍රමයක් හැකිනම් දායක රක්ෂණ ක්‍රමයක් හෝ ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. සංක්‍රමණික කාන්තාවන් සඳහා නව විශ්‍රාම වැටුපක් ලබා දෙන්න ඕනේ. ඇගලුම් කර්මාන්තයේ නියත කාන්තාවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් පවතින ආර්ථික දුෂ්කරතාවය තුළ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කිරීම යෝග්‍යයි. කාන්තාවන් වැඩිපුර ශ්‍රම බළකායට සම්බන්ධ කර ගැනීමේ අලූත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕනේ. නීතිය හා යුක්තිය පැත්තෙන් අද රටේ කාන්තාව බරපතළ අභියෝග රැසකට දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. ව්‍යාප්ත මට්ටමින් කාන්තාවන් සඳහා දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි සේවාවන් සංඛ්‍යාත්මකව වර්ධනය කරන්න. කාන්තාවට සම්බන්ධ නඩු පරිපාලනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටවන්න ඕනේ. සෑම දිස්ත්‍රික්කයකම කාන්තා හා ළමා අධිකරණ පිහිටවන්නට ඕනේ. සංක්‍රමණික සේවා විදේශගතව සිටින විටදී ඔවුන්ට සිදුවූ අපරාධ වැරදි සහ අපචාර වැරදි යන දෙකම ඇසීමට දේශීය අධිකරණයට හැකියාව ලබා දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට ඕනේ. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ගත්තත් අද කාන්තාව අභියෝග රැසකට මුහුණ දෙනවා. ඉඩම් ණය කුසලතා සහ ව්‍යාප්ත සේවාවන් සඳහා කාන්තාවන්ට ඇති සමාන ප්‍රවේශය වලක්වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙන් කොට සැලකීමේ නීති සංස්කරණය කරන්න ඕනේ. කාන්තාවන්ට ඉඩම් හිමි කර කරගැනීමට සහ ගැනීමට සහ ඔවුන්ගේ ගමට රජය සතු කෘෂිකාර්මික ඉඩම් පැවරුම් ලබන්නන් වීමට ඉඩ සලසන පරිදි රජය සතු කෘෂිකාර්මික ඉඩම් බෙදා දීමට අදාල සියලුම නීති වෙනස් කරන්නට ඕනේ. දේශගුනේට ඔරොත්තු දෙන බෝග වගා කරන ගෙවිලියන් හට දිරිගැන්වීමේ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නට ඕනේ. ගෙවිලියන් ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් හා වෙළඳපළක් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හිංසනය අද වර්ධනය වෙමින් පවතිනවා. එක කාලයක් පුරාවටම සිදුවන සිද්ධියක් ලෙස අපි දකිනවා. සංගණන ක්‍රියාත්මක කොට අපේ රටේ රාජ්‍ය ආයතනත් ඒ වගේම ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වත් බද්ධ කරගෙනයි මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන තිබෙන්නේ. එතැන දී බොහොම පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙනවා අපේ රටේ කාන්තාව එන්න එන්නම හිංසනයට ලක්වන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වයන් තුළ අපි වග බලා ගන්නට ඕනේ දැඩි නීති රීති ගෙනවිල්ලා කාන්තා ප්‍රචණ්ඩත්වය කාන්තා හිංසනයට ඒ වගේම දරුවන් අපයෝජනය කිරීමේ ක්‍රියාවලියන් වලට අපි දඬුවම් පනවන්නට ඕනේ. ඒ වගේම සමාජය තුළ අපි මීට වැඩිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න ජන සමාජයක හැසිරෙන්නට ඕනි. ප්‍රශස්ත ආකාරයන් පිළිබඳව අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්නවලට මුහුන දෙන අවස්ථාවන් වලදී ඒ පවතින ක්‍රමවේදය තුළ බොහෝ දෙනෙක් මැලිකමක් දක්වනවා මේවා ගැන එළිපිට කතා කරන්න. මේ පිළිබඳ පැමිණිලි කරන්න. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් මධ්‍යස්ථාන ආරම්භ කරල හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් ට ඒ දූ දරුවන්ට ඒ ලබාදිය යුතු උපරිම ලත් රැකවරණය ලබාදීමට අපි කටයුතු කරන්න ඕන. කාන්තා මූලික ගෘහ දහස් ගණනක් තිබෙනවා. දස දහස් ගණනක් තිබෙනවා. ලක්ෂ ගණනක් තිබෙනවා. මේ කාන්තා මූලික ගෘහ ඒකක වලට විශේෂිත වූ සංවර්ධන වැඩසටහන් ඉලක්කගතව ක්‍රියාත්මක කරන්නට ඕනේ. ගෘහයේ ඉඳගෙනම කාන්තාවට දූ දරුවන් රැක බලාගෙන යම්කිසි ශක්තිමත් ස්වයං රැකියා ව්‍යාපාරයක නිරත වීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම රජයේ වගකීමයි. දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන කාන්තාවන්ට කාන්තා සහභාගීත්වය වර්ධනය වන ආකාරයට අපි විවිධ දිරිගැන්වීම් විවිධ උත්තේජක ලබා දෙන්නට රටේ නීති රාමුව තුළ අපි කටයුතු කරන්නට ඕනේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින මව්වරුන් ට විශේෂිත වූ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. කාන්තාව පිළිබඳව ස්ථිරසාර කොමිසමක් පත් කරන්නට ඕනේ. කාන්තාව පිළිබඳ වෙනමම කොමිසමක් ක්‍රියාත්මක කරලා ඒ කොමිසමට අදාල බලතල ලබා දීලා ඒ කොමිසම හරහා කාන්තාවගේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අයිතිවාසිකම් අයිති වාසිකම් සුරක්ෂා වෙන ආකාරයට ඒ ක්‍රමවේදය සකස් කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේදී මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි.

කාන්තා ක්ෂේත්‍රයට ම අදාළ ළදරු ක්ෂේත්‍රයගැනත් මම වචන කිහිපයක් කථා කරන්නට බලාපොරොත්තු වෙනවා. අප ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ තුල ගමන තුළ විශේෂයෙන්ම දූ දරුවන්ගේ සෞඛ්‍ය දිහා බලනකොට අපි ඇත්තටම සාර්ථක ඉලක්ක කරා ගිහින් තියෙනවා. ඒක තමයි නිවැරැදි කතාව. යම් යම් මන්ද පෝෂණ දර්ශක දිහා බලනකොට අපි තවමත් එක්තැන හිර වුණු ස්වභාවයක් තිබෙනවා. 1978 වසරේ දී වයස අවුරුදු පහට අඩු දරුවන් අතර 50% ක අගයක් තිබුණා මිටි වීම. වයසට සරිලන උස 2016 වසර වන විට ඒ මන්දපෝෂණ තත්ත්වය සියයට 17% දක්වා අඩුවෙලා තියෙනවා. ඒක සතුටට කරුණක්. එතැන් පටන් මේ අනුපාතය දළ වශයෙන් 5% – 19%ත් අතර දෝලනය වන තත්වයක් තිබුණත් ඒ නිසා ඒ පිළිබඳව අපි ඉක්මන් පියවර ගන්න ඕනේ. රටක් හැටියට රට පුරා දිස්ත්‍රික්ක මට්ටමෙන් ගත් කල තත්ත්වය මිටි බවෙහි අනුපාතය සියයට 11% සිට 32% දක්වා පරාසයක විහිදි ල තියෙනවා. 2006 වසර 42% ක දී අගයක් ව තිබුණ මේ ප්‍රතිශතය 2016 වන විට සියයට 32% දක්වා අඩුවෙලා තියෙනවා. නමුත් මෙය මෑත කාලයක් වන තෙක් එකම තැනක තිබෙන තත්වයක් තමයි අපි දකින්නේ. ග්‍රාමීය බල ප්‍රදේශවල මේ තත්ත්වය සියයට දාහතයි. නාගරික බල ප්‍රදේශවල 15%. මේ මන්දපෝෂණ තත්ත්වය වැඩි වෙන ප්‍රතිශතයක් අපි දකිනවා . දුගී ම, මේ ප්‍රතිශතය සියයට 25 යි පෝසතුන් අතර, පෝසත් පවුල් අතර මේ මන්දපෝෂණ තත්ත්වය අඩු මට්ටමක පැවත එනවා. ඒ වගේම දරිද්‍රතාවයෙන් දුප්පත්කමෙන් පෙලෙන පවුල්වල මේ මන්ද පෝෂණ මට්ටම ඉහළ අගයක තිබෙනවා. තවත් මන්දපෝෂණ තත්ත්වයක් පිළිබඳව අපි කතා කරොත් උසට සරිලන බර නොමැති වීම. අද වන විට වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර සියයට පහළොවකට මෙම ප්‍රශ්නය තිබෙනවා. මෙහි බරපතලම කාරණාව වන්නේ පසුගිය වසර 40 පුරාවටම මේ ප්‍රතිශතය එකම මට්ටමක තිබීමයි. මොනරාගල දිස්ත්‍රික්කය ගත්තොත් මෙහි ප්‍රතිශතය සියයට 25 යි. එවගේම අපි ධනවත්ම පවුල් කොට්ඨාසයක් දුගී පවුල් කොට්ඨාසයක් සංසන්දනය කරන විට ධනාත්මක පවුල්වල මේ මන්ද පෝෂණ තත්ත්වය තිබෙන්නේ සියයට දහයයි. දුගී පවුල්වල සියයට දාහතයි. කියන එක තමයි හෙළිදරව් වෙන්නේ. දූ දරුවන්ගේ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් පිළිබඳව අද රටේ ගැටලුවක් පවතිනවා. කාලයක් පුරාවටම නිර්මාණය වුණු ගැටලුවක්. ඒ වගේම මව්වරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය, මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීමේදී වර්ධනය වෙලා තිබෙනවා හඳුනා ගන්නට ඕනේ. මේ තත්ත්වයත් එක්ක මේ රටේ මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වීමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. UNICEF සංවිධානය 2020 කරපු සංගනනයක දී පැහැදිලිව කියල තියෙනව 2020 මැයි ජූනි ජුලි කියන මාස වල ඒ සංගණනය කරලා තිබෙන්නේ. මේ රටේ ජනතාව ආහාර වෙනුවෙන් වැය වැය කරන මුදල් ප්‍රමාණය සියයට 30කින් අඩුවෙලා තිබෙනවා කියන බව ඒ සංගණන වලින් එළි දක්වලා තියෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම….. මට අවශ්‍යයි ජාතික පෝෂණ ප්‍රතිපත්තියක්. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය තුළ පවුලෙන් දැරිය, දරුවා, ගෘහණිය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන එක පෝෂණ ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍යයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර වර්තමානයේ රට පුරාවටම ඉතාම පැහැදිලිව පෝෂණ සංගණනයක් කිරිම වැදගත් වෙනවා. අද වන වන විට ඉතාමත්ම බරපතළ ආකාරයට බඩුමිල ඉහළ යාම තුළ උද්ධමන වේගය වර්ධනය වීම තුළ ඇත්ත වශයෙන් ම බොහොම අමාරුවෙන් එදිනෙදා වේල පිරිමහ ගන්නේ. මේ තුළ මව්වරුන්ගේ දූ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ ගිහිල්ලා තියෙනවා. පසුගිය දිනයක විශේෂයෙන්ම පිටි මිල ඉහල යාම තුළ යාම තුළ, පාන් මිල ඉහළ යාම තුළ, වතු ක්ෂේත්‍රයේ ජීවත්වන ජනතාවට ඒක ලොකු පහරක් එල්ල වුණා. ඒ අය බොහෝ විට පාරිභෝජනයට ලක් කරන ඒ පාන් වල මිල ඉහළ යාම තුළ දුෂ්කරතා රැසකට වතු ක්ෂේත්‍රයේ පවුල් භාජනය වෙලා තියෙනවා. ඒ තුළ මේ රටට ජාතික පෝෂණ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ ජාතික පෝෂණ වැඩපිළිවෙළ හරහා සෞඛ්‍ය සම්පන්න නිරෝගි සම්පන්න ජන සමාජයක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරන්නට ඕනේ. පෝෂණය ජාතික නිෂ්පාදනයත් අතර සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා. පෝෂණය ඉහළ මට්ටමක තිබෙන රටක නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වෙනවා. නිෂ්පාදන ධාරිතාවය වර්ධනය වෙනකොට දළ දේශීය දළ දේශීය නිෂ්පාදිතයට වැඩි අගයක් එකතු වෙනවා. පෝෂණය ඉහළ මට්ටමක තිබෙන කොට මොලේ වර්ධනය ක්‍රියාවලිය ශක්තිමත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා සියල්ලක්ම එකට ගත්තොත් මේ රටේ කාන්තාව , දරුවා , දැරිය කේන්ද්‍ර කරගනිමින් කර ගනිමින් ජාතික වැඩපිළිවෙලක බලවත් අවශ්‍යතාවය අද දවසේ තිබෙනවා. මේ රටේ බොහෝ පාසල්වල දැන් ආපහු පටන් අරන් ලු දරුවන්ගෙන් පහසුකම් සහ සේවා ගාස්තු ලබාගන්න උදාහරණයකට දැන් දුරකථන ඇමතුමක් දීලා අහන්න කුලියාපිටිය මධ්‍ය මහා ජාතික පාසලේ පවුලක එක දරුවෙක් ඉන්නවනම් එයාගෙන් ගන්නවා තුන්දාහක් දෙවැනි දරුවත් ඒ පාසලටම යනවනම් 2400. හැබැයි තුන්වෙනි දරුවත් ඒ පාසලට ම යනවනං තුන්වෙනි දරුවාගේ අය කරගන්නෙ නැහැ . පඬුවස්නුවර ජාතික පාසල එක දරුවෙක්ගේ අය කරනවා රුපියල් 1560. වාරියපොල ප්‍රදේශයේ පාසලක් අයකරනවා රුපියල් හයසිය පහලවක්. මේ රටේ සිදුවී තිබෙන මේ දැවැන්ත ව්‍යසනය තුළ මේ දැවැන්ත ආර්ථික කඩා වැටීම තුල කිරිපිටි පෝලිම තියෙනවා, හාල් පෝලිම තියෙනවා, සීනි පෝලිම තියනවා, පෝලිමේ යුගය නිර්මාණය වෙලා. ගෑස් පෝලිම නතර වෙලා තියෙනවා. ගෑස් සම්බන්ධව සිදුවන පිපිරී යාම නිසා ගෑස් පෝලිම නතර වෙලා. පෝලිමේ යුගයත් එක්ක ඇතිවන පීඩනය තුල ඔබතුමන්ලා නිර්මාණය කරනවා දූ දරුවන්ගෙන් අනිවාර්යෙන් අය කර ගැනීමක් පහසුකම් සහ සේවා ගාස්තු ලෙස. තමන්ගෙ හැකියාව සහ තමන්ගේ උවමනාව තුළ ස්වෙච්ඡාවෙන්ම පාසල දියුණු කරන්න උදව් කරනවා නම් එකේ කිසිම ගැටළුවක් නැහැ. ඒක හොඳ දෙයක්. ආදි ශිෂ්‍ය සංගම් විවිධ සංවර්ධන ක්‍රියාවලිය වලට දායකත්වය ලබාදෙන සහයෝගය ලබා දෙනවා. හැබැයි පාසලක් උපදෙස් දෙනවා නම් දෙමව්පියන්ට දූ දරුවන්ට කරුණාකරලා සේවා හා පහසුකම් ගාස්තු එක්ක පාසලට එන්න කියලා. සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන් ගෙන් නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන සංකල්පය පිළිබඳව ඔබතුමා කතා කළ. දැන් එතුමාගේ සංකල්පයට අනුකූලවද දරුවන්ගෙන් රුපියල් තුන්දාහ අය කරන්නේ? එතුමාගේ සංකල්පයකට අනුව ද 2400 අය කරන්නේ? මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකර ඔය දුරකථනයෙන් කරුණු කාරණා හොයලා බලනවා වගේම වහම චක්‍රලේඛයක් නිකුත් කරන්න ඔය පහසුකම් හා පහසුකම් හා සේවා ගාස්තු කිරීම අද දවසේ සිට තහනම් ක්‍රියාවක් බවට පත් කරන්න. මං හිතන්නේ ඔබතුමා අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ඉතිහාස ගත වෙනවා. බොහොම වැදගත් පියවරක් .
අපේ රටේ ජන සමාජය වැටෙන්න තැනක් නෑ. ඔබතුමත් පිළිගන්නවා .එක අද සම්පූර්ණයෙන්ම ජන සමාජයම කුජීත වෙලා. ජීවත්වෙන බැරි තත්ත්වයක් තියෙන්නේ.උහුලා ගන්න බැරි, දරාගන්න බැරි, අසහනයකට පීඩනයකට මේ රටේ ජනතාව යොමු වී තිබෙන මොහොතක කරුණාකරලා මේ ළමයින් ගෙන් මුදල් අය කරන එක වහාම නතර කරන්න. ඒක ඔබතුමාගේ ප්‍රකාශයට පමණක් නොව ඒක ලිඛිත ලියවිල්ලකට පරිවර්තනය කරල රටේම විදුහල්පතිවරුන්ට මේ පණිවිඩය ලබා දෙන්න කියලා යෝජනා කරනවා.

මලාලා යුසුප්සායි දැරිය නොබෙල් ත්‍යාගලාභීනියක්. එතුමිය ප්‍රකාශ කරනවා අප සියලු දෙනා අතරින් අඩක් වූ පිරිසක් යටපත් කොට පවතින තැනක අප කිසිවෙකුට හෝ සාර්ථකත්වයක් අත්පත් කර ගත නොහැක. ගැහැණිය, පිරිමියා සමගින් කරට කාර දායකත්වයක් ලබා දෙන්නම් වෙනත් කිසිදු අරගලයක් වෙලා කිසිදු සාර්ථකත්වයට පත් කරගත නොහැක. කඩුව හා පෑන වශයෙන් ලෝකයේ බලවේගයන් දෙකක් පවතී. මේ බලවේගයන් දෙකටම වඩා සවිමත් වූ තුන්වන බලවේගයක් ද පවතී . එනම්, කාන්තා බලවේගයයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *