27 April 2024
#ක්‍රීඩා

අර්ජුන රණතුංගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් වේ

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව පත් කර තිබේ. ඒ් අනුව පත්වීම් ලිපිය අද (10) දින ටොරින්ටන් හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් සිදු විය.

නව ජාතික ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා පුනර්ජීවනය කිරීම සඳහා අඛණ්ඩව දායක වූ අය වේ.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.

අමාත්‍යවරයා අතින් පත්වීම් ලද නව සාමාජිකයින් වන්නේ

අර්ජුන රණතුංග මහතා -සභාපති
ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්.ලියනගේ මහතා- සාමාජික
එයාර් මාෂල් එස්.කේ. පතිරණ මහතා – සාමාජික
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා – සාමාජික
අමල් එදිරිසූරිය මහතා – නිල සාමාජික
මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි මහතා – සාමාජික
වෛද්‍ය මයියා ගුණසේකර මහතා – සාමාජික
ශ්‍රියානි කුලවංශ මහත්මිය – සාමාජික
නීතිඥ අජිත් පතිරණ මහතා- සාමාජික
සුනිල් ජයවීර මහතා – සාමාජික
ක්‍රීෂාන්ත මෙන්ඩිස් මහතා – සාමාජික
ලසිත ගුණරත්න මහතා – සාමාජික
නලින්ද ඉලංගකෝන් මහතා – සාමාජික
සුදත් චන්ද්‍රසේකර මහතා- සාමාජික
සුජානි බෝගෝල්ලාගම මිය- ලේකම්

මෙම අවස්තාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *