27 April 2024
#දේශීය

හසලක පැරණි බස්නැවතුම්‍පොළ මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් මිණිපේ ප්‍රාදේශීය සභාවට පැවරේ

හසලක පැරණි බස්නැවතුම්‍පොළ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (8) පැවැත්විය.

හසලක නව බස් නැවතුම්පොළ ඉදිකිරීමත් සමග පැරණි ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබුණත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීම නොව, වඩා කාර්යක්ෂම අයුරින් භාවිතයට ගැනීම සිදු කළ යුතුව පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දීම සිදුවිය.

ඒ අනුව, අදාල ගොඩනැගිල්ල සමාජ සුභසාධන කටයුතු සදහා වඩා උචිත බව නිරීක්ෂණය වන බැවින් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අදාල ගොඩනැගිල්ල භාවිතයට සදහා මිණිපේ ප්‍රාදේශීය සභාව වෙත පැවරීම වඩා යෝග්‍ය බව සදහන් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. අනතුරුව අදාල සාකච්ඡාව සදහා එක් වූ පාර්ශවයන්ගේ එකඟතාවයෙන් සමාජ සුභසාධනමය කටයුතු සදහා හසලක පැරණි බස් ‍නැවතුම්පොළ ගොඩනැගිල්ල මිණිපේ ප්‍රාදේශීය සභාවට පැවරීම සිදුවිය.

මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක, මිනිපේ ප්‍රාදේශීය සභාවේ සභා ලේකම් නිමල් මහවත්ත යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් ද එක් විය.

 

 

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *