27 April 2024
#දේශීය

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

මහනුවර, සංඝමිත්තා මාවත අසල මහල් 05 කින් යුතු ගොඩනැගිල්ල පසුගිය 20 වනදා අලුයම ගිලා බැසීමට ලක් විය. එහි අසල තිබු නිවසකට ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් එම නිවස තුළ සිටි අඹුසැමි යුවලක් හා කුඩා බිලිඳියක් මිය ගියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් අද (29) පෙරවරුවේ එම ගොඩනැගිල්ලේ හිමිකරු මහනුවර පොලිස් ස්ථානයට කැඳවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *