27 April 2024
#දේශීය

තීරු බදු රහිතව මෙරටට ගෙන් වු කහ කිලෝ 952 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (28) පෙරවරු 11 ට පමණ නීතිවිරෝධි ලෙස තීරු බදු රහිතව මෙරටට ගෙන්වු කහ කිලෝ 952 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකරු අද (29) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවතවනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *