• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

15 January 2021
in සංවර්ධන

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණ කළේය.

ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ (OREL UNMANNED STORE) ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 12
Previous Post

ගුවන්තොටුපොළ ආරක්ෂාවට ගුවන් සුනඛයන් 20 ක් යොදවයි

Next Post

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි

editor

editor

Next Post

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved