• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව ගොනාට ඇන්දවීම පිළිකුළෙන් හෙළා දකිනවා

19 July 2018
in ක්‍රීඩා

රට විජාතිකයන්ට පවා දීමෙන් නොනැවතී රාජපක්ෂ ආණ්ඩුව රටේ බුද්ධි අංශ සහ බුද්ධි තොරතුරු පවා විජාතිකයන්ට පවා දුන්න බව අද හෙළි වී අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රට සින්නක්කරව විජාතිකයින් අතට පත්කොට ඔවුන්ගෙන්ම ලබා ගත් අල්ලස්වලින් රටේ ජනතාව ගොනාට අන්දන රාජපක්ෂ රෙජිමයේ උත්සාහය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අමාත්‍යවරයා පැවසිය. මේ යථාර්ථය ජනතාව තේරුම්ගත යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ 2015 ජනාධිපතිවරණය සඳහා චීන සමාගමක් විසින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වූ වාර්තාව පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට එක්වෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ “රටේ අයිතිය වෙන අයට පවරලා විතරක් නතර නොවුණු රාජපක්ෂ රෙජිමය රටේ බුද්ධි අංශ, බුද්ධි තොරතුරු පවා වෙනත් රටවලට පාවලා දුන්නු විදිහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙලිකරලා තිබෙන බවයි. මේ කාරණාව කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයකු සහ චීනයේ තානාපති ලෙස කටයුතු කළ නිහාල් රොද්‍රිගු මහතා තමයි මේක අනාවරණය කර ඇත්තේ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේ ” චයිනා හාබර් සමාගම පනවපු හැම කොන්දේසියකටම එකග වෙලා මේ රට පාවලා දුන්නු රාජපක්ෂ රෙජිමය මේ හැම ගනුදෙනුවකටම අල්ලස් ලබාගත්තා. රාජපක්ෂලාට කොහොමත් සූදුව අල්ලස පුරුදුයි. 2005 දි එල්.ටී.ටී.ඊ. සංවිධානයට අල්ලස් දීලා උතුරු නැගෙනහිර ඡන්ද වලක්වලා බලයට ආපු හැටි ඒකට බැසිල් රාජපක්ෂ නායකත්වය දුන්න හැටි ඒවට සම්බන්ධ වුණු ශ්‍රීපති සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේදීම අනාවරණ කළා.

සුනාමි ව්‍යසනය වෙලාවේ තමනගේ ප්‍රදේශයේම ජනතාවට ආධාර දෙන්න වෙන්කරපු හෙල්පින් හම්බන්තොට ගිණුම රාජපක්ෂ මහත්තයලා එකතු වෙලා වාෂ්ප කරපු විදිහ ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් තමා දුක් වෙන බව හිටපු අගවිනිසුරුවරයා පහුගිය කාලයේ මාධ්‍ය හමුවේ සඳහන් කළා.
ඔන්න ඒ කාලේ නීතිය හැටි.

අද රටේ තෙල් මිල ගැන අඩාවැටෙන කතාකරන ගණන් බැරි රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒකාබද්ධ නඩේට අමතකයි රාජපක්ෂලාට සූදු කෙළින්න 160 ගණන්වලට පෙට්‍රල් විකුණපු කාලයක් තිබුණා.

හෙජින් සූදුවෙන් ජනතාවට වෙන පාඩුව වළක්වන්න පෙට්‍රල් ලීටරය රුපියල් සීයට ලබාදෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළාම ඒ නියෝගවලට පයින් ගහලා වැඩි මිලට රාජපක්ෂලා තෙල් විකුණපු හැටි අපට අමතක නැහැ.

මේ වගේ සූදු කෙළලා රට උගස්කරලා සල්ලි අරන් රටේ මහා සංඝරත්නය රවට්ටලා උපාසක අම්මලා රවට්ටලා සිවුරු පිරිකර රෙදි පිරිකර යාන වාහන බෙදලා රටම අදටත් මුලාකරමින් යනවා.

මෙහෙම අයට මේ වගේ වංචා අරුමයක් නොවුණට මේ රටේ ජනතාව මේවා තේරුම්ගත යුතුයි.

මේ වෙන කොට චයිනා හාබර් සමාගම සම්බන්ධ වෙලා රටේ ජනතාව ගොනාට අන්දලා අරගෙන ගියපු වැඩසටහන එළිවෙලා තිබෙනවා. අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන හොයන්න කියලා.

රටේ ජනතාව ගොනාට අන්දන්න තමන්ගේ බිරින්දෑවරුන් ලවාත් අල්ලස් ගත්ත හැටි එළිවෙලා තියෙනවා. රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පුද්ගලික පදනමකට ගෙවා ඇති අයුරු අද හෙලි වී තිබෙනවා.

අද අදාළ අය විවාදයට ඇවිත් නෑ. වෙනත් දේවල් කියා කියා අවදානය වෙනස් කිරීමේ උත්සාහයක යෙදීම අපි තරයේ හෙළ දකිනවා.

අප සතුව බොහෝ තොරතුරු තිබෙනවා.චෙක් පත් මාරු කරපු විදිය,මාරු කරපු බැංකු පිළිබද තොරතුරු තිබෙනවා.පුෂ්ප රාජපක්ෂගේ ගිණුමට මුදල් බැර වුනු ආකාරය අද හෙළි වී තිබෙනවා.මේ දේවල් වලට වන්දි ගෙවන්න වෙලා තියන්නේ රටේ ජනතාවට.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 7
Previous Post

ගාල්ල ක්‍රීඩාංගණය නැති කරන්න දෙන්නේ නෑ

Next Post

STF එක පිස්සන් කොටුවක් – ෆීල්ඩ් මාෂල් සරත්

editor

editor

Next Post

STF එක පිස්සන් කොටුවක් - ෆීල්ඩ් මාෂල් සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved