27 April 2024
#දේශීය

ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 18-19 දින වල

යෝජිත  පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20  පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 සහ 19 යන යන දිනවල සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද(11) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දූ ප්‍රනාන්දු සහ එස්.තූරෙයිරාජා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී මුලින්ම නීතිඥ චරිත ගුණරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ ලැබිණ.

එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහ මැතිවරණයට අදාළව මනාප අංක නිකුත් කිරීමේ කටයුතු හෙට(12) දින සිදුවීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.

එය සිදුවූවොත් අපේක්ෂකයින් වීදිවලට බැස ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් ඒ තුළින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතු වීමට ඉඩකඩ තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.

එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු සහන නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *