27 April 2024
#දේශීය

හානියට පත් වෙරළ තීරය පිරිසිදු කිරීමට කොළඹ වරාය නගරයෙන් රු. ලක්ෂ විස්සකට අධික පරිත්‍යාගයක්

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වලට කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු. ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

ඒ අනුව අත්වැසුම් 1,000 ක්, ආරක්ෂක ඇස් කන්නාඩි 1,000 ක්, පා ආවරණ කට්ටල 950 ක්, මුඛ ආවරණ 1,000 ක් සහ සවල් 204 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කළේ ය.

CHEC Port City Colombo වෙනුවෙන් එහි පරිසර උපදේශක ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. විජේසූරිය, මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ China Harbour Engineering සමාගමේ පරිසර නිලධාරී මංගල ජයනෙත්ති යන මහත්වරුන් විසින් අදාළ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ජේ. එම්. ගුණසේකර සහ ගණකාධිකාරී ඩී. ආර්. සී. ජයවර්ධන යන මහත්වරුන් වෙත කොළඹ වරාය නගර පරිශ්‍රයේදී භාරදෙන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *