27 April 2024
#දේශීය

සුව විරුවන්ගේ සුවදුක් විමසන්න ඇමති සුදර්ශිනී කුරුණෑගල රෝහල් වෙත

කොවිඩ් රෝගය සදහා ප්‍රතිකාර කිරීමට කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කරන ලදි.

ඒ අනුව අමාත්‍යවරිය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය රෝහල, දඹදෙණිය ශාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ගිරිඋල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇතුළු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදි. එම රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සහ අවශ්‍යතා පිළිබදව විමසා බැලූ අමාත්‍යවරිය එම රෝහල්වලට අවශ්‍ය වන ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර්, හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින්, ඊසීජී මැෂින්, නෙබියුලයිසර් ඇතුලු උපකරණ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සමග සම්බන්ධීකරණය කිරීමටත්, පුද්ගලික දානපතියන්ගේ සහයෝගය ලබාදීමටත් අවශ්‍ය කටයුතු කළ අතර රෝහල් කාර්ය මණ්ඩල හිගතාවය පිළිබදවද අමාත්‍යවරියගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාව සදහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, වෛද්‍ය ප්‍රිස්කො අතුකෝරාළ, වෛද්‍ය වික්‍රම, වෛද්‍ය අංජලී යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *