• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට ඉන්නේ මිඩියා ඔස්තාර්ලා.. එත් ප්‍රචාරණය අඩුයි කියනවා – ආචාර්ය හර්ෂ

26 June 2021
in දේශීය

සන්නිවේදනයේ ඔස්තාර්ලා සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ජාතිය අමතා පවසා සිටින්නේ රජය විසින් සිදු කරන හොඳ වැඩ පිළිබඳව ප්‍රචාරණය මදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ යහපාලනය රජය සමයේදී පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබු ණය නිසි ලෙස ගෙවිම් කල බවයි. එසේම ජනාධිපතිවරයා පවසන බොහෝ දේවලින් අනාගාතයේ එතරම් වැදගත් ප්‍රතිඵල ලැබේයැයි සිතිමට අපහසු බව මන්ත්‍රීවරයා සිය නිවේදනයේ සඳහන් කර සිටි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙනවා ජනාධිපතිතුමනි.

ගරු ජනාධිපතිතුමනි, ඔබ ජාතිය අමතා සිදුකළ කතාවේදී පැවසූ සුවිශේෂී කාරණාවක් වූයේ ඔබගේ රජය විසින් සිදුකරන හොඳ වැඩ පිළිබඳව ලැබෙන ප්‍රචාරය මදි බවයි. මේ නිසා, සත්‍ය යටපත් වී බොරුව උඩට එනබව ඔබ පැවසුවා. ඒ නිසා, මෙවැනි කතාවක් කිරීමෙන් ඔබ උත්සාහ කරන්නට ඇත්තේ ඒ ප්‍රචාරණ අඩුව මගහරවා ගැනීමට බව පැහැදිලියි. කතාව පුරාම තිබුණු අන්තර්ගතයන් දුටුවිට ඒ බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අනාගතයේදී සිදුවිය හැකි බලාපොරොත්තු ගොන්නක් එහි ඇතුළත් වුණා. එය බිඳවැටෙමින් තිබෙන ජනතා විශ්වාසය යළිත් උද්දීපනය කිරීමට සමත්වනු ඇතැයි ඔබ සිතනවා ඇති. ඔබ සඳහන් කළ කාරණා සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා.

අප විපක්ෂයේ සිටියද ඔබ අප සැම නියෝජනය කරන නායකයා නිසා ඔබ අසාර්ථක වුවහොත් අප සැම පසුපසට යනවා. මා එවැන්නක් කිසිදා බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත්, ඔබ පතන ගමන යාමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි. එවැනි පැහැදිලි වැඩපිළිවෙළක් ඔබගේ කතාව තුළින් මා දුටුවේ නෑ. 2015 දී හොඳට දුන්නු රටක් යහපාලන ආණ්ඩුව විනාශ කළැයි ඔබ චෝදනා කළා. ඒ පව් අපිට කරගහන්න වෙලාවගේ කතාවක් තමයි ඔබතුමා කිව්වේ. නමුත්, ජනාධිපතිතුමනි, මේක දෛවයේ සරදමක් වගේ දෙයක්. යුද්ධය ජයග්‍රහණය කිරීම ගැන ඔබ අදත් අභිමානයෙන් කතා කළා. ඒ ගැන මගේ හිතෙත් අභිමානයක් තියනවා. නමුත්, යුද්ධය දින්නාට පස්සේ ඔබලාගේ ආණ්ඩුව නිසි ආර්ථික දැක්මකින් කටයුතු කළේ නෑ. ණය අරන් මොනවද කළේ? නෙළුම් කුළුණක් හැදුවා. හම්බන්තොට ගුවන්තොටුපොළක් හැදුවා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා සහ වරායවල් හැදුවා. ඒවා කොතරම් තාර්කික ආර්ථික තීරණද? ණයට අරන් කරපු ඒ වැඩ වලින් අපිට ඉතුරු වුණේ ණය කන්දක් විතරයි. ඒ ණය යහපාලන ආණ්ඩුවත් කොහොම හරි ගෙව්වා. හැබැයි, හොඳම හරිය ගෙවන්න ඇවිල්ලා තියෙන්නෙ ඔබට.

ඒක නිසා, මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ 2015 ට කලින් ජනාධිපතිතුමනි. එදා හදපු නෙළුම් කුළුණු වලින් අද ප්‍රතිඵලයක් නෑ වගේම ඔබ අද කියපු බොහෝ දේවල් වලින් අනාගතයේ එතරම් වැදගත් ප්‍රතිඵලයක් ලැබේයැයි හිතන්න අමාරුයි.

ඔබ වැඩි බරක් යොදා පැවසූ සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමත් ඒ වගේ එකක්. ඇත්තටම ඔබේ සිතේ තිබෙන ධෛර්යට මා ගරු කරනවා. බොහෝ විශේෂඥයින් මෙය කළ නොහැකි කාර්යක් යැයි කියද්දී එය කිරීමට හැකියැයි ඔබ විශ්වාස කරනවා. නමුත්, එය කළ හැක්කේ ක්‍රමානුකූලව යැයි ඔබට කල්ගත වූ පසුව වැටහේවි. එවිට සාමාන්‍ය ගොවි සමාජය, අපගේ කෘෂි කර්මාන්තය දැවැන්ත බිඳවැටීමකට පත්වනු ඇති.

ඒ වගේම ඔබ දුන් පොරොන්දුවක් තමයි, එක් රටක්. එක් නීතියක්. ඒ ගැන අද ඔබ වැඩිපුර කතා කළේ නෑ. යහපාලන ආණ්ඩුව බිඳවැටෙමින් තිබෙන විට බොහෝ දෙනෙකු අපටත් පැවසුවේ අපේ ආණ්ඩුව කරන දේවල් හරියට සන්නිවේදනය නොකරන නිසා එම බිඳ වැටීම සිදුවූ බවයි. සන්නිවේදනයේ ඔස්තාර්ලා සිටි ඔබතුමන්ද අද ඒ කතාවම කියනවා. මට නම් වැටහෙන්නේ ජනතාවගේ ස්වභාවික හැඟීම් සහ දැනීම් සන්නිවේදනය මගින් හැරවීමේ යම් සීමාවක් තිබෙන බවයි. ඒ නිසා, වැදගත් වැදගත් වන්නේ ක්‍රියාවයි ගරු ජනාධිපතිතුමනි.

Post Views: 8
Previous Post

පුද්ගලයන් පිම්බිම් නොකලාට ආණ්ඩුවේ වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතුයි – ජනපති

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පළාතේ රෝහලේදීම එන්නත විදගන්න අවස්ථාව

editor

editor

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පළාතේ රෝහලේදීම එන්නත විදගන්න අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved