• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනපති සියළුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

30 July 2022
in දේශීය

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්වන ලෙස ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද උදෑසන සියලුම මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිවරයා 1ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම.

 

අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුල නිර්මාණය වු දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින්නෙමු.

කෙසේ වුව ද, අප හමුවේ පවතින අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද පාර්ලිමේන්තුව තුල ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් සියලුම දෙනා පොදු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීම වේ. එය රජයේ සහ ඔබතුමාගේ ද යුතුකමකි.

ඒ අනුව, මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට මා අදහස් කරන අතර, ඒ සඳහා ඔබතුමාගේ/ පක්ෂයේ එකඟතාවය කඩිනමින් මා වෙත යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති

 

Post Views: 8
Previous Post

අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි – ජවිපෙ

Next Post

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ

editor

editor

Next Post

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් කැඳවීම දිර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved