• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති – ජපාන අගමැති හමු වෙයි

26 May 2023
in දේශීය

ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.

විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද පැවසීය.

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුව ඊයේ (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා අතර සුහද කථා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කළහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ද ඊයේ (25) ටෝකියෝ නුවරදී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වූ අතර ආර්ථික, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එසේම ජපාන – ශ්‍රී ලංකා සංගමය විසින් ටෝකියෝ නුවරදී පැවැත්වූ උදෑසන භෝජන සංග්‍රහයට සමගාමීව පැවති හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා මහතා සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා යළි ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ජපාන ආයෝජකයින් දිරි ගන්වන ලෙස ද හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද සිදු වූ අතර ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප මිත්‍ර සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ එහිදී අවධානය යොමු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් (Lawrence Wong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද ටෝකියෝ නුවරදී පැවැත්විණි.

එහිදී සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හමුවේ යළි තහවුරු කර සිටියේය.

 

Post Views: 21
Previous Post

2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියට හෙටින් අවසන්

Next Post

ඉන්ධන කෝටාව වැඩිකිරීමේ තීරණයක් – ඛනිජ තෙල් අමාත්‍යංශය

editor

editor

Next Post

ඉන්ධන කෝටාව වැඩිකිරීමේ තීරණයක් - ඛනිජ තෙල් අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved