• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාසාහි ළමා අරමුදල සමඟ අත්වැල් බැඳ ගත් සියලු පරිත්‍යාගශීලින්ට ජනාධිපති කාර්යාලය සිය ස්තූතිය පළ කරයි

28 May 2024
in දේශීය, පුවත්
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කර සිටියි.

මෙය 2024 මාර්තු 04 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලදී.

ගාසා තීරයේ පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ දුක්ඛිත තත්ත්වය විශේෂයෙන් ජලය, ආහාර හා වෛද්‍ය පහසුකම්වල හිඟය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අනේකවිධ දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස මානූෂීය මට්ටමින් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ඒ අනුව ගාසා තීරයේ ළමුන්ගේ සහන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් පසුගිය ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන විසින් වෙන් කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ 2024-04-01 දින එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය.

එසේම ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙනු ලැබු එම ප්‍රදානයට අමතරව ගාසාහි ළමා අරමුදලට දායක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාවගෙන් කරන ලද ඉල්ලීම අනුව ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන මේ සමඟ අත්වැල් බැඳ ගනු ලැබීය.

ඒ අනුව ගාසා තීරයේ විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින ළමුන්ගේ මූලික අවශ්‍යතා සඳහා වියදම් දැරීම පිණිස එම අරමුදල් ද ඉදිරියේ දී එක්සත් ජාතින්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබා දීමට නියමිතය.

එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සලකා මෙම කාර්යය සඳහා මහජනතාවගේ සහ විවිධ සංවිධානවලින් මැයි 31 දක්වා ප්‍රදානයන් භාර ගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ අනුව ඉහත මුදලට අමතරව එදින දක්වා ලැබෙන මුදල් ද එක් කර සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටියි.

Post Views: 19,866
Previous Post

නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු අවසන්

Next Post

ජනපතිට තව වසර දෙකක් දෙන්න එජාපයෙන් යෝජනාවක්

editor ttvnews

editor ttvnews

Next Post
කවුරු නෑ කිව්වත් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට රනිල් එනවාලු !

ජනපතිට තව වසර දෙකක් දෙන්න එජාපයෙන් යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved