• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වී මිල පෞද්ගලික වෙළෙන්දන්ගේ ඒකාධිකාරියක් බවට පත්වෙලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

22 February 2024
in දේශීය, පුවත්
මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

වී අලෙවි මණ්ඩලයට අදාළ ගබඩා රටපුරා තිබෙන අතර, විශාල නිලධාරි මණ්ඩලයක් ඒ සඳහා සිටින බැවින් ඉතා කඩිනමින් වී මිළදී ගැනීමට රජය මැදිහත් වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථ ලංකා ගොවි සංවිධානයේ සභාපති. පහුගිය කාලයේ දී හුඟාක් දුෂ්කරතා මැද්දේ තමයි ගොවිජනතාව තමන්ගේ කෘෂිකාර්මික කටයුතු කරගෙන ගියේ. තෙල් මිල වැඩිවීම, යන්ත්‍රෝපකරණ මිළ ඉහළයෑම, කෘමිනාශක මිල වැඩිවීම සිදුවුණා. පොහොර මිලත් මීට ඉහතින් තිබ්බ ප්‍රමාණයට වඩා වැඩිවී තිබෙනවා. කෙසේවෙතත් වී නිෂ්පාදනයට යන පිරිවැය වැඩිවෙලා තිබෙනවා. ඊට අනුකූලව තමයි වී මිළ වැඩිකරන්න අවශ්‍ය වෙන්නේ. රජය හැටියට කීරි සම්බා වී වලට ලොකු මිලක් දිලා තිබෙනවා. නමුත් අද ඒ මිල ගණන් භාවිතා වෙන්නේ නැහැ. අද කූට වෙළෙන්දෝ අස්වැන්න නෙලන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට ඒ ගොවිජනතාවගෙන් මිලදි ගන්න ලෑස්තිවෙලා තිබෙනවා. ඉතා ඉක්මණින් මේ සඳහා රජය මැදිහත් වෙන්න ඕන. වී අලෙවි මණ්ඩලයේ ගබඩා රටපුරාම තිබෙනවා. ඒ වගේම විශාල නිලධාරි මණ්ඩලයක් සිටිනවා. ඒ නිසා රජයේ වගකීම තමයි මේ අවස්ථාවේ ගොවියාට නිසි මිලක් ලබාදිලා ගබඩා කිරීම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ වී මිළදි ගැනීම ඉහළින්ම කෙරුණා. ඒ නිසා රජය තරඟයට බැසීමත් සමඟ පෞද්ගලික වෙළෙන්දෝ ඒ අනුව මිළ නියම කරන්නේ. අද පෞද්ගලික වෙළෙන්දන්ගේ ඒකාධිකාරියක් බවට පත්වෙලා තිබෙනවා වී මිළ. ඒ නිසා ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදමට සරිලන සේ අද ආදායමක් ලැබෙන්නේ නැහැ. එයින් සිදුවන්නේ කෘෂිකර්මාන්තය කඩාවැටීමක්. වී වගා කරන, ධාන්‍ය වගාකරන, බඩ ඉරිඟු වගා කරන ගොවියා ශක්තිමත් කිරීම, ආරක්ෂා කිරිම රජයේ වගකීමක් වෙනවා. ඒ නිසා රජය පුළුවන් ආකාරයට මේ සඳහා මැදිහත් වෙන්න කියලා විශේෂයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. ”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9,661
Previous Post

කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ඉඩමක් නිදහස් නොකිරිම වෙනුවෙන් ගොවි විරෝධයක්

Next Post

Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

Uber Eats සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත රුපියල් මිලියන 8ක් වටිනා ත්‍යාග ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved