27 April 2024
#දේශීය

ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29 ) දින ඉදිරිපත් කරනු ලැබීය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

මෙහිදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණය කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද රජයේ යෝජනාව සාකච්ඡාවට ලක් විය.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊපීඩීපී, ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *