• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශගතවුවන්ට ඡන්ද අයිතිය සම්බන්ධයෙන් අගමැති විසින් තේරීම් කාරක සභාවක් යෝජනා කරයි

17 October 2020
in දේශීය

විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (16) දින අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදිය.

මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නේය.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන (නීති), මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

 

Post Views: 25
Previous Post

උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු නොවේ – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

20 වැනි සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 වනදා

editor

editor

Next Post

20 වැනි සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved