27 April 2024
#දේශීය #පුවත්

LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කෙරේ

යුගදනවි සහ සොබදනවි බලාගාර සදහා LNG ලබාගැනීමේ අන්තර් කාලීන වැඩපිළිවෙකට මුලපුරමින් LNG මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණ.

එම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ.

ද්‍රව ස්වභාවික වායු මගින් විදුලිබලය උත්පාදනය කිරීමේ‍ රජයේ වැඩපිළිවෙළ වේගවත් කිරීමේ අරමුණින් ඉන්දියානු රජය ප්‍රෙට්‍රොනෙට් LNG සමාගම හා සම්බන්ධ වෙමින් අන්තර් කාලීන යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම අන්තර්කාලීන යෝජනාව සාර්ථක කර ගැනීම සදහා වන අවශ්‍ය ඉටුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ, පෙට්‍රොනෙට් LNG සමාගමේ නියෝජිතයන් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *