27 April 2024
#පුවත් #සංවර්ධන

“අරඹමු ජයගමු“ වැඩසටහනක් ලබන 07 වනදා ගම්පහදී

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ඔබේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල වෙත ‍රැගෙන යෑමේ “අරඹමු ජයගමු“ වැඩසටහනක් එළැඹෙන 07 වනදා වැනි බදාදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරීශ්‍රයේදී දියත් කර ඇත.

ව්‍යාපාර සංවර්ධනය හා අපනයනය සඳහා සහය වන සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, මූල්‍ය ආයතන ඇතුලු ව්‍යාපාර සේවා ආයතන සියල්ල එම දිනයේදී එකට එක්ව තොරතුරු හා සේවා ලබා දීම සිදුකෙරෙනු ඇත.

එහිදී ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අදහසක් ලබා ගැනීම, ඒ පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගැනීම, පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම සඳහා සහය ලබා ගැනීම හා අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ සංවර්ධනය කිරීම හා ව්‍යාපාරය කරගෙන යෑමේදී ඇතිවන ගැටලු සඳහා විසඳුම් හා ඒ අදාල සේවා ලබා ගැනීමටද හැකිවේ.

මෙම වැඩසටහනේදී අපනයන ගැනුම්කරුවන් හමුවක්ද පැවැත්වෙන අතර අපනයනය කිරීමට අදහස් කරන භාන්ඩ වල සාම්පල ‍රැගෙන එන ලෙස ද කර්මාන්තකරුවන් ගෙන් ඉල්ලා සිටී.

තවද එම කාලය තුල අපනයන ක්‍රියාවලිය, සහතිකකරණය, ඩිජිටල් අළෙවිකරනය පිලිබඳ දේශනමාලාවක්ද සංවිධනය කර ඇත.

මේ පිලිබඳ වැඩිදුර විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය 0332222909 අමතා ලබා ගත හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *