• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාහන ආනයනය ආරම්භ කිරීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

15 June 2023
in දේශීය

ඩොලරය අවප්‍රමාණය වී ඇති අවස්ථාවකදී රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඩොලරයට සාපේක්ෂව රුපියල් 202 සිට රුපියල් 360 දක්වා ඉහළ ගිය ඩොලරයේ අගය මේ වන විට පහළ බැස ඇත්තේ රුපියල් 300 දක්වා පමණක් බව හෙතෙම පැවසිය.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී ණය යෝජනා ක්‍රමයක් යටතේ හෝ රථ වාහන ආනයනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා “ආංශික කාරක සභාව ඉතාම වැදගත්. රේගුවේ ආදායම් ඉහළට රැගෙන යාම සඳහා මෙම පෙන්වා දීම පිළිබඳවත් ස්තුතිය පළ කරන්න ඕනෙ. නමුත් මෙවැනි කරුණා ඉතා සැලකිල්ලෙන් විමර්ශනය කරල තමයි තීන්දු තීරණ ගත යුත්තේ. සාමාන්යෙවයන් වර්ෂයක අපේ ආදායම් ඉලක්කය වෙන්නේ රුපියල් බිලියන 1,226යි. මෙය අපි මාස පහක කාලයක් සඳහා ගණන් බැලුවොත් වෙන්නෙ බිලියන 510ක විතර ප්‍රමාණයක්. නමුත් යථාර්ථවාදීව ගත්තොත් සෑම මාසයකම ආදායමේ නිශ්චිත අගයක් නැහැ. වසරේ මුල් මාස හයේ අපේක්ෂා කරන්නේ අඩු ආදායම් ප්‍රමාණයක්. ඒ අනුව මේ වසරේ මුල් මාස පහේ ඉලක්කම් අගය රුපියල් බිලියන 333යි. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 330යි. ඒ අනුව ඉලක්ක ගත ආදායමෙන් 99%ක් අපට ලැබිල තියෙනවා. ඩොලර් හිගය නිසා අපට විඳින්නට සිදු වූ දේ ඔබට මතක ඇති. අදටත් අප කිව් ආර් කේතයකට ඉන්ධන ලබා දෙන්නේ ඒ හිගය නිසයි. රුපියල් 202 වටිනාකමේ තිබුණ ඩොලරයේ අගය රුපියල් 360 දක්වා 78%කින් වර්ධනය වුණා. අද වන විට එය 360 ප්රරමාණයේ සිට 300 දක්වා ඒ අගය අඩුවෙලා තියෙන්නෙ 20%කින් පමණ ප්‍රමාණයකින්. අපි භාණ්ඩ 4000කට පමණ ආනයන සීමා පනවල තිබුණ. ඉන් තවත් 900ක පමණ භාණ්ඩ ලැයිස්තුවක් තියෙන්නේ ආනයනය තහනම් ලැයිස්තුවේ. එම ලැයිස්තුවෙන් 300ක් ඉක්මවූ ප්‍රමාණයක් වාහනවලට අදාළ ආනයනයන්. ඒ වගේම මේ යෝජනාවේ පරිදි ණය යෝජනා ක්‍රමයක් මගින් වාහන ආනයනය කළ හැකි ද යන්න පිළිබඳවත් අපි ගැඹුරු අධ්‍යනයක් කළ යුතුයි. මොකද අපි විශාල ණය බරකින් ගොඩ එන්න උත්සහ දරමින් සිටින රටක්. ඒ නිසා මෙහි ඉදිරි පෙනුම පමණක් බලලා තීන්දු තීරණ නොගෙන දිශා අටම විමසා බලල ඉන් සමස්ත ආර්ථිකයකට ම වෙන බලපෑම ගැඹුරින් බලල තීරණය ගත යුතුයි.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Post Views: 8
Previous Post

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

Next Post

පෙම් සබඳතාවයක් නිසා අයෙකු සියදිවි නසා ගනි

editor

editor

Next Post

පෙම් සබඳතාවයක් නිසා අයෙකු සියදිවි නසා ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved