27 April 2024
#දේශීය

රිලවුන් වැඩිවිමට හේතුව නරියන් නැතිකමයි

මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල රිලවුන් සහ දඩුලේනුන්ගේ ගහනය වැඩිවිමට ප්‍රධාන හේතුව සත්ව විලෝපිකයකු ලෙස ක්‍රියාකරන නරියන් අඩුවිම බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන රැස්විමකදි හෙතෙම මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ගාමිණි ජයතිස්ස මහතා කියා සිටියේ මේ වන විට රිලවුන්ගේ ගහනය වැඩිවිම නිසා මාතලේ දිස්ත්‍රික්කය් වගාවන් විශාල ලෙස හානි සිදුවන බවත් ඊට අමතරව ලේනුන්ගේ ගහනයද වැඩිවි ඇති බවත් මේ නිස‍ෙ ග‍ොවින් ඇතුලු කෘෂී වගාවන්වල නිරත පිරිස් ඉන් ඉවත්ව යැමට පටන්ගෙන ඇති බවද හෙතෙම පැවසිය.

මිට අමතරව ඉඩම්වල ඇති ගස්වල අතු කපා නොදැමිම නිසා රිලවුන් ට ගස් හරහා පැනයාමට පහසු වි ඇති බවත් කදුකර කැලැ ප්‍රදේශවල සිටි රිලවුන් ඒ නිසා නගර හා ගම්මාන වෙත සංක්‍රමණය වි ඇති බවත් මේ පිළිබදව අවධානය යොමු විය යුතු බවත් ඉදිරියේදි ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියම් ලෙස ආහාර සුරක්ෂිතතාවය මෙන්ම ආහාර කල්තබා ගැනිමේ ක්‍රමවේදයන් පිළිබදව සොයා බැලිය යුතු බවද ජයතිස්ස මහතා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *